(ශාන්ත රත්නායක)
මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය.
මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදාය.
ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධව දේශපාලන ලිපි, කාටුන් හා ප‍්‍රවෘත්ති කටයුතු කළේ එක්නැලිගොඩය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එක්නැලිගොඩ වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි
Anura Nanayakkara Wednesday, 26 January 2022 08:45 AM
අයියෝ, ද්වේශ කරන්නාට විපතක්ම පමුණුවනු ඇත. වහාම කල්පනාකාරී ලෙස කෝවිල් ගානේ ගොස් ද්වේශය වපුරන්නේ නැතිව නිවැරැදි දැක්මක් ඇතිකරගන්න.
Pradeep Kumara Wednesday, 26 January 2022 09:26 AM
ඔබගේ සටන අවංකවම තම ස්වාමියාට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා නම් ඔබට මගේ ආචාරය... එසේ නොමැතිව කුමන හෝ දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වුවමනාවකට සිදුවන නාටකයක් නම් ඔබ ගැන කණගාටුයි.
jayasekara Wednesday, 26 January 2022 09:49 AM
දේශද්‍රෝහීන් වෙනුවෙන් හිසමුඩු කරගෙන... NGO කාරයින්ගේ පැත්තට හැරිලා මෝදර මෝයකටින්ම මුහුදට පැන්නා නම් හරි...!
sam Wednesday, 26 January 2022 10:12 AM
මෙතුමිය නම් පව්.!
මංගල Wednesday, 26 January 2022 10:42 AM
ඩොලර් වෙනුවෙන් කහින කැහිල්ලක්. යහපාලනේට කඩේ ගිහිල්ලාවත් වැඩක් වුනේ නෑ වගේ. මනුස්සයා හොයා ගන්නවාට මෙයාත් කැමති නෑ, මොකද විකුණන්න බැරි වෙනවානේ.
duplicate Ralahami Wednesday, 26 January 2022 11:49 AM
නීතිය බලන් ඉඳලා හෙම්බත් වූ තැන විශ්ව ශක්තියෙන් හෝ යුක්තිය ඉටු කර ගැනීමට ඔබ තුමිය ගන්න උත්සාහය ඉතාම කාලෝචිතයි
sharm warn Wednesday, 26 January 2022 12:11 PM
විස්වාසයෙන් ඉන්න. ස්වභාව ධර්මයා නඩු විසඳමින් සිටියි.
Hafeel Wednesday, 26 January 2022 12:58 PM
එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්, තාජුදීන්, ජෝෂප් පරරාජසිංහම්, රවි රාජ් මන්ත්‍රීලා, තවත් තරුණයන් දෙදෙනෙක්, රතුපස්වල ඇතුළු අභිරහස් ඝාතන ගණනාවකට දඬුවම් දෙන බව කියලා බලයට ආපු අයට සාපය වේවා...! පාස්කු ප්‍රහාර එල්ලවෙන බව දැනදැනත්, ඕක වළක්වා නොගැනීමටත් සාපය ලැබේවා..!
Bamunuarachchi.Wednesday, 26 January 2022 07:16 PM
ගම්මිරිස් හොයා ගත්තානම් පව් නොදී තොලොංචි වෙන්න. සිංහලයාගේ බදුවලින් කකා අපිට රට පාලනය කරන හැටි කියලා දෙන්න එනවා...
Nihal Wednesday, 26 January 2022 01:34 PM
කොටි ඉන්න කොටින්ට උදව් කරයි..
SUNIL MILANO Wednesday, 26 January 2022 01:37 PM
විසඳයි, විසඳයි මාස්ක් එකවත් නැතිව ඔහොම යනකොට... ස්වභාව ධර්මය ඉක්මණටම ප්‍රශ්නය විසඳලා දෙයි.. මෙහෙමත් නරි නාටක...
shantha - Qatar Wednesday, 26 January 2022 01:41 PM
මේවා නම් විකාර වැඩ, හිස බූ ගෑවාම හරියනවාද? ප්‍රසිද්ධිය අවශ්‍ය නම් වෙන මොනවා හරි කරන්න ඕනෑ. ඔය ගොන් වැඩ නොකර...
චන්දන Wednesday, 26 January 2022 03:46 PM
මේවා නම් NGO හෙවනැලි... ඩොලර් උපයන්න මෙයාලාගේ උදව් ගන්න...
Bamunuarachchi Wednesday, 26 January 2022 07:18 PM
මෑන් ස්විට්සර්ලන්තයේ ඉන්නවා කියලා ඒ කාලේ කවුද කිව්වා...