
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටින්නීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පිතිකාරියෙන් ශ්‍රේණිගත කිරීමක පළමු දසදෙනා අතරට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වේ.
චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 7 වැනි ස්ථානයේ රැදී සිටින්නීය.
මැලේසියාවේදී පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ තුන් ඉරියව් දස්කම් මත චමරි ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණියාය. ඇය එම තරගාවලියේදී පිළිවෙළින් ලකුණු 24, 86, 57, 30, සහ 48 රැස්කිරීමට සමත් වූවාය.
ඇය එම තරගාවලියට පෙර විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 14 වැනි ස්ථානයේ පසුවූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා සහ 19න් පහළ පිල් දෙකම දස්කම් දක්වනවා. ශ්‍රී ලංකා පළමු පිලත් දස්කම් දක්වන්න පටන් අරන්. මේගොල්ලන්ට කාලයක් දෙන්න ඕනෑ කණ්ඩායමක් ලෙස ඉදිරියට යන්න. කුසල් මෙන්ඩිස්, නිරෝෂන් සහ ධනුෂ්ක වැනි අය කණ්ඩායමෙන් ඉවත් කරලා තිබ්බොත් අපට 96-2014 සිටි ස්ථානයට තව අවුරුදු 3-4 කින් අනිවාර්යයෙන් යන්න පුළුවන්.
සුබපැතුම්...!
හරි නම් කොළඹින් ඉඩම් දෙන්න ඕනේ මේ වගේ කෙල්ලන්ට මිසක් අර අනුන්ගේ බයිලා කොපිකරලා කියපු සර්ගේ ගෝලයගේ දුවට නොවේ. මේ කෙල්ල හරිම කැපවීමෙන් මහන්සි වෙලා ක්‍රීඩා කරනවා. කුසල් මෙන්ඩිස්, නිරෝෂන්, ධනුෂ්ක විනාශ කරපු අපේ ක්‍රිකට්වල හොඳ නම නැවත ගොඩනගන්නේ චමරි, දුනිත් වෙල්ලාලගේ, චරිත් අසලංක වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
ක්‍රීඩා කරනවා දකින හැම වේලෙම කල්පනා කරන්නේ අපේ පිරිමි ජාතික කණ්ඩායමට රිංගවන්න ක්‍රමයක් නැද්ද කියලා...?
දුවේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්...!!!