
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ උප නායකත්වයට යොවුන් පිතිකරු චරිත් අසංලක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඕස්ටේ්‍රලියාවේදී ලබන පෙබරවාරි මස පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියේදී අසලංක උප නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළ 24 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක අසලංක මේ වන විට විස්සයි20 අන්තර්ජාතික තරග නවකට සහභාගි වී ලකුණු 295 ක් රැස්කර තිබේ.
ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම:
දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහේෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්. පාසල් අවධියේ සිටම නායකත්ව ගුණාංග පෙන්නපු දක්ෂ ක්‍රීඩකයෙක්. රිච්මන්ඩ්, මහින්ද බිග්මැච් එක හොඳම උදාහරණය. 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වය මෙන්ම දෙවරක් හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායමට හිමි සම්මානය දිනාගත්තා. ජයවේවා.. චරිත්...!!!
ඇයි තාම අර පාරේ අනිත් පැත්තෙන් වාහන එළවන කෙනා (පාන්දර ජාමේ) ඉන්නේ, පසුගිය තරග 3 ෆේල් නේද? කවුද එයාව නිතරම තෝරගන්නේ..? තාම අර අහිංසක බයිසිකල් එකේ ගිය කෙනාට දෙන්න සල්ලි නැති හින්දද තරංග දෙන්නේ...? කවුද? කාටද? කඩේ යන්නේ..? මේවා ජනතාවගේ ආයතන.., නැතිව කාගෙවත් බූදලේ නෙවෙයි...
එයත් ඉවරයි... දෙවියන්ගේම පිහිටයි...!