
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන ( අමාරු නැති) දරුවන් රෝහල් ගත කිරීමෙන් වැළකී නිවෙස් වලම රඳවා ප්‍රතිකාර ලබා දෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මවුපියන්ට එවැනි දරුවන් නිවෙස්වලම කළමනාකරණය කර ගත හැකි බව සඳහන් කරන විශේෂඥ වෛද්‍යවරයා 1390 ක්ෂණික දුරකථන අංකය අමතා ඒ නිවෙස් ගත ප්‍රතිකාර සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත හැකි බවද සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත වුවත් උණ ගතිය නැති,කිරි බොන,ආහාර ගන්නා දරුවන් රෝහල්ගත කිරීමට අවශ්‍යතාවක් නැති බවත් උණ ගතිය,හුස්ම ගැනීමේ අපහසුතා වමනය වැනි රෝග ලක්ෂණ පවතී නම් පමණක් එවැනි දරුවන් රෝහල් ගත කිරීමට පියවර ගත යුතු බවත් ඔහු පැවසුවේය.
රෝහල් ගත කෙරෙන කොවිඩ් ආසාදිත දරුවන්ට රෝග ලක්ෂණ නොමැතිනම් ඒ අය නිවෙස්වලට යැවීමට පියවර ගන්නා බවද දීපාල් පෙරේරා මහතා කීවේය.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව ඊයේ වනවිට පනස් එකක් දක්වා ඉහළ නැඟ තිබිණ.
කොවිඩ් ආසාදිත දරුවන්ට ප්‍රතිකාර ලබාදීමට එම රෝහලේ මෙතෙක් සූදානම් කර තිබුණේ එක් වාට්ටුවක් පමණි. තවත් වාට්ටු දෙකක් කොවිඩ් දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඊයේ සූදානම් කළ බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටක අත්දැකීම් ඇතිව කියන්නේ... එන්නත්කරණය සම්පූර්ණ කළ කිසිම කෙනෙකුට රෝග ලක්ෂ නැතිවම PCR සෘණ වෙනවා. ඒ නිසා හැකි පමණ නිවෙස්වල සිට පරිස්සම් වෙන්න. රෝහල්වල ඉඩ තියන්න අමාරුවන අයට පමණක්...
සමහර රටවල් කොරෝනා බොරුවෙන් මිදිලා වැඩ කටයුතු කරන් යනවා.ලංකාව දවසින් දවස කතා වෙනස් කරමින් දිගටම කොරෝනා බොරුව ඇදන් යන්න හදනවා
උණ හෙම්බ්රිස්සාව සමග කැස්සත් තියේ නම් හුස්ම ගැනීමේ අපහසු කම් ඇති නොවන්නේ කීයෙන් කීදෙනෙකුටද..පරම්පරාවෙන් මත් එවන් අසනීප දිගටම එනවා මාරාන්තික නොවුනත්..කොරෝනා නමකින් ආවාට වසංගතයක් කියල කියන්නෙත් ඒ අසනීපෙමයි කියල නොසිතෙන්නෙත් නෑ හිතල බලද්දි....