
(ලේකම්ගේ අනුර)
පාසල් යාමට සූදානමින් සිටි 13 හැවිරි පාසල් සිසුවියක ආච්චි අම්මාගේ නිවසේ සිට තම නිවෙසට දෙගට යමින් සිටියදි ඉදිරියට කඩාවැඳුණු වල් අලියකු ඇය ඔසවා මීටර් කීපයක් දුරට විසිකර ඇය පාගා මරාදැමීමට සූදිනම් වෙද්දී මව හා ආච්චි අම්මා එක්ව අලියා සමග මාරාන්තික සටනක් කර ඇගේ ජීවිතය බේරාගත් පුවතක් තඹුත්තේගම තේක්කවත්ත ගම්මානයෙන් වාර්තා වෙයි.
තඹුත්තේගම නල්ලච්චිය පාසලේ ඉගෙනුම ලබන මෙම දැරිය අද (26) අලුයම පාසල් යාමට සූදානම් වන අවස්ථාවේ තම ආච්චි අම්මාගේ නිවෙස දෙසට වල් අලි පැමිණි බවට ලද ආරංචියක් සමග ඇගේ මව සමග ඊට දුරින් පිහිටි ආච්චි අම්මාගේ නිවස දෙසට ගොස් ඇත.
මව ආච්චි අම්මගේ නිවෙසේ සිටියදි මෙම දැරිය තම නිවස දෙසට යමින් සිටියදි කැලෑවෙන් මතු වූ සද්ධන්ත අලියකු හොඬෙන් අල්ලා මෙම දැරිය විසිකර ඇය වැටි සිටි දෙසට පැමිණෙ ඇත්තේ අගේ ජීවිතයට හානියක් සිදු කිරීමේ අරමුනින් බව ඇගේ මව කීවාය.
දියණිය වැටී සිටි දෙසට දිව ආ මව සහ ඇගේ ආච්චි අම්මා මාරාන්තික සිටන් කර පාරේ වැටී සිටි දියණිය කම්බ්වැටෙන් මෙපිටට ඇද ඇගේ ජීවිතය බේරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි දුවේ...
පව් අහිංසක පවුල්...
ශ්‍රේෂ්ඨ මවක්, මිත්තණියක් සහ වාසනාවන්ත දුවෙක්...
දුවට බුදුසරණයි දුවේ. අම්මත්, ආච්චි අම්මත් දවසක ඇස්දෙක වගේ බලාගන්න දුවේ. නුඹට දෙවැනි වරටත් ජීවිතය ලබාදුන් අම්මාව රැකගන්න දුවේ. බුදුසරණයි.
ගම් වදින අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ ඇයි? ඒ ගම්වල වෙසෙන මිනිසුන්ගේ ජීවිත නගරයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?
අපේ පන්සලට කියන්නේ, මෙන්න මේ අම්මටයි, ආච්චිටයි දෙන්න අර “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” සම්මානය...
අම්මා වරුණේ ...... අම්මා වරුණේ .......සම්මා සම්බුදු අම්මා වරුණේ ...