
(ඩයනා උදයංගනී)
පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය
වායු දූෂණය අවම කිරීමේ පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබා දීමේ නියාමණ වැඩ සටහනක් හඳුන්වා දීමට ද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.
නගරවල වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන වාහනයක් වෙනුවෙන් එක් කිලෝමීටරයක් සඳහා රජයට රුපියල් 103.56ක වියදමක් දැරීමට සිදුව ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුව දිවියට පාපැදිය වැඩ සටහන සම්බන්ධව අද (26) සාකච්ඡාවකින් පසු පැවැති මාධ්‍ය හමුවක දීය.
පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Ride for Life සංවිධානය වෙනුවෙන් වෛද්‍ය අසේල අබේධීර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් කරත්තත් ගෙනාවොත් හොඳයි වගේ.. දැන්නම් සැපයි.
රජයට රු 339.98 ක් ලාබයිනම් ඕකෙන් 50%ක් (රු 170.00) දෙනවා කිව්වා නම් මිනිස්සු පුස් බයිසිකල් එකෙන් වැඩට යයි...
දියවන්නාවේ උන්දෑලාටත් ඔය ටිකම කියලා දුන්නානම් තවත් වැඩිපුර ඉතුරු කරගන්න බැරියැ...
මාර්ගවල අධික ලෙසට වාහන තදබදය ඇතිවීමට ස්වයංක්‍රීය සිග්නල් ක්‍රියාත්මක නොවීමත්/ සමහර අවස්ථාවල ඒවා ක්‍රියා විරහිත කර අතින් සිග්නල් දීමත් බලපානවා කියලා... පෙර ගමන් රථයක් නැති වාහනවල යන අයටත්, පදවන අයටත් හොඳින්ම පේනවා. මෙය නතර කළොත් වැයවීම සුලු ගණනක් අඩුකරන්න පුළුවන් වේවි..!
ඕක ඔබතුමාලා ක්‍රියාවෙන්ම පෙන්නුවොත් නරකද? එක සැරයක් කළා වගේ සැප වාහන පස්සෙන් ගෙන්නගෙන මාධ්‍යවලට පෙන්නපු සංදර්ශණය වගේ නොකර සැබෑවටම... එහෙම කළොත් ජනතාව ඔයාලව ආදර්ශයකට ගනීවි...
V8 නෙවෙයි, බැකෝ එක පැද්දත් කිලෝමීටරේට 236.48යි යන්නේ.... කවුද මේ ගණන් දෙන්නේ..?
1990 ගණන්වල මුල පාපැදියෙන් ගමන් ගිය ඔබ අද ගමන් කරන වාහන සහ හම්බකර ඇති මුදල් කන්දරාව.., පෙට්‍රල් ෂෙඩ් ගණන දෙස බැලුවාම ඔබ කියන කතා අහලා හදන්නද? හිනාවෙන්නද? කියලා හිතාගන්න බැහැ.
පාපැදි සඳහා වෙනම මං තීරුවක් සැකසීම පළමු කාර්යය විය යුතුයි. ඉන්පසු ප්‍රධාන නගර තුළ මෙය ක්‍රියාත්මක කළ හැකියි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා පළමු ආදර්ශය සැපයීම සුදුසුයි. ආරක්ෂිිත හේතුන් මත ජනාධිපති අගමැති ආරක්ෂක ඇමති හැර...!
හයිවේ එකෙත් බයිසිකල් යන්න දෙමු නේද? අනේ මේ වගේ ගොන් තඩි..!
සමහර විදේශ රටවල වගේ ඔබතුමන්ලාටම ආදර්ශය දෙන්න බැරිද?
වැඩසටහන නම් ඉතාම හොඳයි... නමුත් පාපැදි අමතර කොටස් සහ ඒ වගේ බඩුවල ගණන් ඉතාම වැඩියි. ලංකාවට අඩුම ගානේ බයිසිකල් ගෙන්නන්නවත් දැන් බැහැනේ. ඒවාට ඉඩ දුන්නොත් මේ වැඩේ ඉතාම සාර්ථක කරගන්න පුළුවන්. පාපැදි ගෙන්වීමේදී tax එක අයින් කළ යුතුයි. දැනට වෙළඳපලේ පවතින 700 සී වර්ගය ටයරයක් රුපියල් හත්දහස් පන්සියයක් පමණ වෙනවා. මෙම ගණන් පාපැදිකරුවන් වශයෙන් දරා ගැනීමට අපහසුයි. අපත් සමග සම්බන්ධ වුණොත් මේ මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපටත් පුළුවන් ඔයාලාට සහාය දෙන්න.
මේක හොඳ අදහසක්.. අපිට මේක සාර්ථකව කරන්න පුළුවන් නම්, පාපැදි අඩු මිලට දෙන්න නිසි වැඩපිළිවෙළක් යොදනවා නම් හරි..