
(යොහාන් භාසුර)
භාවිතා කළ ද ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක සහිත ගෑස් සිලින්ඩර භාරදීමට කැමති පාරිභෝගිකයන්ගේ ඒවා භාරගත යුතු බවටලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම්වලට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා දැනුම්දී තිබේ.
එලෙස භාරගනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරි ගෑස් ප්රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩුකළ යුතු බවත් ගෑස් බෙදාහරින්නන් සහ නියෝජිතයන් ගෑස් සිලින්ඩර ආපසු බාරගැනීම ප්රතික්ෂේප කරන්නේ නම් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 ක්ෂණික දුරකථනයට හෝ දිස්ත්රික් නිලධාරීන්ට දැනුම් දියයුතු බවත් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප එසැණ පුවත්පතට ස්තුතියි... අපිව දැනුවත් කළාට. අපි නම් භූමිතෙල් ලිපට බැස්සා...
එතකොට අර නැතිවෙච්චි ජීවිතවලට වන්දි ගෙවන්නේ කොහොමද? කවදාද?
මේ තවත් ඇස්බැන්දුමක් විතරයි. අසරණ වූ පාරිභෝගිකයින්ට එයින් ලැබෙන සෙතක් නැත.
ඒ කියන්නේ හොදටම කොර ආණ්ඩුව පිලිගන්නවා නරක ගැස් කියල ජාතියක් තිබුන කියල ? නැත්නම් ඔහොම වෙන්න මාරුකොරන්නේ මොකටද ?