(යොහාන් භාසුර)
කළුතර බන්ධනාගාරයට රැගෙන එන ලද නවක සැකකරුවන් එම බන්ධනාගාරයේ සිටි පැරණි සැකකරුවෙකුට ලබාදුන් පාර්සලයක තිබී හෙරොයින් පැකටි 196 ක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
අදාල නවක සැකකරු පීසීආර් පරීක්ෂණය සඳහා තාවකාලික සිරමැදිරියක රඳවා සිටියදී පැරණි සැකකරුට මෙම පාර්සලය ලබාදී ඇති බවත් එම සැකකරු නිරෝධායනය සඳහා බූස්ස බන්ධනාගාරයට යොමු කිරීමට නියමිතව තිබූ බවත් චන්දන ඒකනායක මහතා කීය.
එම පාර්සලය තුල හෙරෝයින් පැකටි 196 ක්, කේරල ගංජා ග්‍රෑම් 8 ක්, අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකටි 4 ක් සහ දුමිකොළ 4 ක් තිබූ බව කී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනමි ද්‍රව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කරන බවද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හෙරොයින් පැකටි 196 ක් බන්ධනාගාරය තුළදී හසුවෙයි