(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්‍ෂණ අද (26) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බවත් රෝහලේ සෙසු අංශවල ද ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති බවත් එම රෝහල් වෛද්‍යවරු පවසති.
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය දිනකට ඇන්ටිජන් පරීක්‍ෂණ 70 කට ආසන්න සංඛ්‍යාවක් කළ ද ඊයේ දිනයේ පරීක්‍ෂණ කළ නොහැකිවූ නිසා වාටුවට ඇතුළත් කිරීමට කටයුතු කළ බව කියන එම රෝහලේ වෛද්‍යවරු පැවසුවේ වාට්ටු තුළ ද ඇන්ටිජන් පරීක්‍ෂණ කිරීමට පරීක්‍ෂණ කට්ටල නොමැති බවත්ය.
ඩෙංගු ප්‍රතිදේහ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති වීම හේතුවෙන් එම පරීක්‍ෂණ ද අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු වැඩි දුරටත් පවසති.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබඳව අද (26) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ‘කොවිඩ්’ ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශයෙන් එම කට්ටල ඇනවුම් කර ඇති බවත්ය.
ඇන්ටිජන් කට්ටල නොමැති වීමෙන් අද දිනයේ පරීක්‍ෂණ අඩු ප්‍රමාණයක් කළ බව කී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික්‍රමසිංහ මහතා එම කට්ටල නොලැබුණු හොත් ගැටලුකාරී තත්වයක් ඇති වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් තමයි හොඳටම කරලා තියෙන්නේ... ඊළඟ අවුරුදු 3ත් මේ විදිහටම කරන්න ඕනේ හරිද? එතකොට තාම සැපයි බයියන්ට...
අනේ, ලොකු දෙයක්.. කියලාවත් කරගන්න බැරි දෙයක්... ඔය ඇන්ටිජන් ගත්තු PHI ලා හරියට හැසිරුණේ වඳුරන්ට දැලිපිහිය හම්බ වුණා වගේ.. මළගෙවල්වලට පැන්නා. කොටහළු ගෙවල්, මගුල් ගෙවල් මුළු රටම විනාශ කළා... අනුන්ගේ කොන්ත්‍රාත්තු වලට රැවටිලා.