
(නිමන්ති රණසිංහ)
ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බහුදින යාත්‍රාවකින් මෙරට දකුණු මුහුදට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350 අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනා ලබන 31 වැනිදා තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද (26) අවසර ලබා දුන්නේය.
ඩුබායි රාජ්‍යයේ සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරතව සිටින පුද්ගලයන් සමග මෙම සැකකරුවන් සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගත්තේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව රාජ්‍ය බුද්ධි සේවාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකට අනුව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd