‘‘බූස්ටර් නොගත්තොත් සූනාමියක් එනවා‘‘ එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 12 December 2021
‘ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නැහැ‘ තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩුව අයවැය සම්මත කර ගත්තත් ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 December 2021
විශ්ව විද්‍යාලයක භික්ෂූන් වහන්සේ 60 කට කොරෝනා කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50 කට අධික සංඛ්‍යාවක් ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වේ. 12 December 2021
සතොස භාණ්ඩ වර්ග 50 ක් සහන මිලට උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා භාණ්ඩ වර්ග 50 ක් වෙළෙඳපොල මිලට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 12 December 2021
කිලෝ 300 කැස්බෑව මරා ගන්න බැරි වෙයි යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 12 December 2021
අධිකරණ ඇමැතිට මැති සබේ එපා වෙලා පාර්ලිමේන්තවට නැවත වතාවක් යෑමට අදහසක් නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය 12 December 2021
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් දිය යුතුයි‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 12 December 2021
කොස් මදුලත් රුපියල් 10ට විකිණිම සෞභාග්‍යයේ දැක්මද ? බෝංචි කරලක් රුපියල් 15 ටත්, කැරට් අලයක් රුපියල් 25 ටත්, කොස් මදුලක් රුපියල් 10 ටත් මිලදී ගන්නා තත්ත්වයක් ආණ්ඩුව විසින් රටේ නිර්මාණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 December 2021
ආචාර්ය උපාධි සම්පූර්ණ නොකළ සරසවි ඇඳුරන්ට ගෙවූ මුදල් යළි අයකර ගනියි ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 12 December 2021
තොරතුරු කොමිසමට අලුතින් සාමාජිකයන් තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත. 12 December 2021
අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 12 December 2021
මුහමාලෙන් මිනිස් අස්ථි කොටස් සහ කොටි ඇදුම් හමුවෙයි කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත්කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් සමගින් කොටි ත්‍රස්ත නිලඇඳුම් සහ ආයුධ කිහිපයක් හමුවී ඇති බවට පොලීසිය පවසයි. 12 December 2021
පාසල් සිසුවාට රජකාලේ දඬුවමක් දුන් ගුරා පැන යයි වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුට එම පාසල තුලදී ඉතා අමානුෂික ලෙස එස්ලෝන් බටයකින් පහරදී තුවාල සිදු කොට සැඟව ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි. 12 December 2021
අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි ගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු තමන් සීසාමින් සිටි අත් ට්‍රැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 12 December 2021
ගෑස් සම්බන්ධයෙන් අපේ අඩුපාඩු තිබුණා රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් තිබුණා. එය මහත් අඩුපාඩුවක්. එය අපි පිළිගත යුතුයැයි වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සීනිගමදී පැවසීය. 12 December 2021
පොලිස් වෙසින් බම්බලපිටියේ දී රන් භාණ්ඩ කොල්ල කෑ කුඩ්ඩා මාට්ටු බන්ධනාගාරයෙන් නිදහස්ව එන විට සොරකම් කරගෙන ආ අත් මාංචු යොදා ගනිමින් පොලිසියේ යැයි පවසා පසුගියදා බම්බලපිටිය ලෝරන්ස් මාවත ප්‍රදේශයේදී රථ ගාලක මෝටර් රථය තුළ සිටි පුද්ගලයාට මාංචු දමා රන් භාණ්ඩ හා මුදල් මංකොල්ල කෑ සැකකරුවකු කිරුලපන පූර්වාරාම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 5900 සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි. 12 December 2021
වැස්ස අද සිට වැඩි වෙයි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (12) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 December 2021
පැය භාගයක විදුලි කප්පාදුවක් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම නිසා පස්වරුව 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30 ක විදුලි සැපයුමේ කප්පාදුවක් කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 December 2021
හොර හැඳුණුම්පතකින් පෙනී සිටි නාවිකයා අල්ලයි ව්‍යාජ හැඳුනුම්පතක් සකසා අන් අයකු ලෙස පෙනී සිටී හිටපු නාවික සෙබළකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 December 2021
ඉන්දීය සහල් දේශීය කිරීමේ ජාවාරමක් ඉන්දියාවෙන් ආනයනය කළ සහල් දේශීය වෙළෙඳ නාමයන් සඳහන් මළුවල අසුරා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් විමර්ශන ඒකකය නිකවැරටිය ප්‍රදේශයේදී සහල් කිලෝ 7,500 ක ට මුද්‍රා තැබිය. 12 December 2021
කැබ් රථය අඩි 150ක් පහළ ගඟට වැටේ බණ්ඩාරවෙල ඇල්ලතොට දී අද 11 සවස කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයක පිහිටි ගගකට පෙරළීමෙන් එහි රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි. 11 December 2021
ඇමැති කමක් නැතිව ආතතියට බෙහෙත් ගන්න මන්ත්‍රිණිය කවුද පොහොට්ටු පක්ෂ මන්ත්‍රීන්ගේ හමුවක් ගිය සතියේ පැවැත්වුණේ ආණ්ඩුවේ දෙවැනි ලොකු මහත්තයාගේ ප්‍රධානත්වයෙනි .පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමතිලා බොහෝ දෙනෙකු මේ හමුවට පැමිණ සිටියේ කාලෙකට පස්සේ තමන්ට තියෙන දුක්ගැනවිලි ,ගැටලු ,ප්‍රශ්න කියන්නත් ලැබුණු අවස්ථාවක් නිසයි. 11 December 2021
දස දහසකගේ දිවි අළු කළ කොටදෙණියාවේ ගින්න කොටදෙනියාව වරාදල ප්‍රදේශයෙ කුකුල් ගොවිපලක අද 11 ඇති වූ ගින්නකින් කුකුළන් දහස් ගණනක් පිළිස්සී මිය ගොස් ඇතැයි කොටදෙනියාව පොලීසිය කියයි. 11 December 2021
පළමු වටයේ අදත් 500 සීමාව පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 577 දෙනකු අද(11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 December 2021
කොරෝනා මරණ 20 සීමාව පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 December 2021
ඉංජිනේරු ප්‍රියන්තගේ ඝාතන නඩුව දිනපතා විභාගයට පාකිස්තානයේ සියල්කොට් හිදි ඇඟළුම්හලක සාමාන්‍යාධිකාරීවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර ඇත 11 December 2021
ගංජා ජාවාරමේ ගිය කොස්තාපල් මාට්ටු රුපියල් ලක්ෂ 10 ක ට අධික වටිනා කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය මඟින් පුලියම්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ. 11 December 2021
බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ල කයි බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහසටත් වෙඩි තබා පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි . 11 December 2021
වෙනිවැල් ගබඩාකර සිටි තිදෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව වෙනිවැල් කිලෝ 400 ක ප්‍රමාණයක් වූ ගබඩා කර කරමින් සිටී සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ලබුගම කලටුවාව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුව ට ගෙන ඇත. 11 December 2021
හෙට අහසට අමුත්තෙක් පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි තරම් ඉතා කලාතුරකින් දිස්වන වල්ගා තරුවක් හෙට (12) පියවි ඇසින් දැක බලා ගත හැකි බව තාරකා විද්‍යාඥයන් පවසයි. 11 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026