වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරියේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. 10 December 2021
‘අවිස්සාවේල්ල සිට පෑලියගොඩ තෙක් කැලණි ගඟ දෙපස රක්ෂිතයක් කරන්න යයි‘ අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ දෙපස රක්ෂිත කලාපය ඉක්මණින් ලකුණු කොට ගැසට් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය. 10 December 2021
සජබ මහලේකම් කෝටියක වන්දියක ඉල්ලයි ජනතාව රැස්වන සංඛ්‍යාව සීමා කිරීම් ඇතුළු රෙගුලාසි ගණනාවක් අඩංගු කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනතාවගේත් තමන්ගේත් , මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක් ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 10 December 2021
‘කිරිපිටි ආනයනය නතර කරන්නේ නෑ‘ කිරිපිටි ආනයනය නතර නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය 10 December 2021
“කුඩු ආශා”ගේ කෝටි 4 ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “අංගොඩ ලොක්කා’ ගේ ඥාති සහෝදරියක “කුඩු ආශා” නමැත්තියගේ බැංකු ගිණුම් තුනක තිබී රුපියල් කෝටි 4කට අධික මුදලක් සැක සහිත ආකාරයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 10 December 2021
රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ පෙත්ම විභාගයට දිනයක් හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි මස 21 විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියම කළේය. 10 December 2021
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටියදී සාමාජිකාවන් හත්දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා සිම්බාබ්වේහි දින 12 ක් සිරවී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (10) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. 10 December 2021
‘බූස්ටර්‘ එන්නත ඉදිරි දෙසතියේ ලබාදී අවසන් කරන්න‘ එළැඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ පූර්ව සැලසුමක් ලෙස අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතියේදී ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දුන්නේය. 10 December 2021
අල්ලා දෙවියන්ට අපහාස කළැයි කියන නඩුවෙන් ඥාණසාර හිමි නිදහස් පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් ජනතාවටත් ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ටත් අපහාස කළැයි කියන සිද්ධියකට අදාළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (10) නියෝග කළේය. 10 December 2021
අධිකරණ තහනම නොතකා විදෙස් ගත වීමට ආ ව්‍යාපාරිකයා ආපසු යවයි අධිකරණ තහනම නොතකා ඩුබායි යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන ව්‍යාපාරිකයෙක් අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබීය. 10 December 2021
ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ලක්ෂ 20ක් පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලැබීය. 10 December 2021
නවමුද්රාව සහිත ගෑස් සිලින්ඩරයක් පිපිරීම ගැන පරීක්ෂණ නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් සම්බන්ධ පිපිරීමක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම සිද්ධිය පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 10 December 2021
‘එන්නත් කාඩ් පත නැතිනම් පොදු ස්ථාන තහනම් ‘ පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන කමිටුව අද (10) තීරණය කළේය. 10 December 2021
‘ලබන වසරේදී කොරෝනා අවසන්වී ආර්ථිකය ඉදිරියට යාවි‘ කොවිඩ් වසංගත තත්වය ලබන වර්ෂයේදී නිමාවී ආර්ථිකය වඩාත් සැලසුම් සහගතව සහ ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 December 2021
මාතර මගුලකට ගිය 15කට කොරෝනා මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි . 10 December 2021
අනාරක්ෂිත ගෑස් බෙදා හැරි සමාගම් ඇතුළු පිරිසකට එරෙහි පෙත්සමට විරෝධතා අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා වගකිවයුතු සියලු පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා ට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපති සහ වගඋත්තරකාර ලාෆ් හෝල්ඩින්ස් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අද (10) අධිකරණයට දැනුම් දුන්නේය. 10 December 2021
පොලිස් නිල ඇඳුම්,අත් විලංගු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස පොලිස් නිල ඇඳුම් කට්ටලයක්, අත් විලංගු දෙකක්, පොලිස් යතුරුපැදියක් සහ පොලිස් නිලධාරීන් භාවිතා කරන අංක තහඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොට්ටාව ප්‍රදේශයේ දී ඊයෙ (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි . 10 December 2021
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක් ජලය නෑ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල හෙට (11) මධ්‍යම රාත්‍රීයේ සිට ජල සැපයුම පැය 18 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. 10 December 2021
‘‘ආණ්ඩුව යුගදනවි ගිවිසුමේදී කැබිනට් මණ්ඩලය අන්දලා‘‘ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමට නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 December 2021
සටන් නළු කුමාර රණේපුර දිවිගමන නිමා කරයි චිත්‍රපට, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත විය. 10 December 2021
ඡන්ද නීති හදන කමිටුවේ කාලය දීර්ඝ කරයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (10) හිමිවිය. 10 December 2021
ප්‍රසන්නගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසක් සී.අයි.ඩීයට පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාරදුන්හ. 10 December 2021
පොහොර සමග ගල් සහ මැටි නොමිලේ හොරොව්පොතාන මරදන්කඩවල මැදවච්චිය නව ගොවි සංවිධානය සඳහා රජය මගින් ලබා දුන් ඝන කාබනික පොහොරවල තිබී ගල් සහ කිරල මැටි හමුවීම නිසා පොහොර මිටි 1175 ක් නැවත සමාගමට භාරදීමට කටයුතු කළ බව නව ගොවි සංවිධානයේ සභාපති එම්.කුමාරවංශ මහතා පවසයි. 10 December 2021
30ට වැඩි අයට බූස්ටර් දීම ඇරඹෙයි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලබාදීම කොළඹ දී අද (10) සිට ආරම්භ කෙරිණි. 10 December 2021
අදින් පසු ලයිට් නොකපයි විදුලි සැපයුම කිසිඳු ප්රදේශකට අද සිට විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 December 2021
බස් වෑන් ගැටී අයෙක් මරුට:14ක් රෝහලට අනුරාධපුර,පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලංකුලම වංගුව ආසන්නයේදි නාවික හමුදාවට අයත් බස් රථයක් හා වැන් රථයක් අද අළුයම පහට පමණ මුහුණට මුහුණට ගැටිමෙන් වැන් රථයේ රියදුරා මිය ගොස් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයන් හය දෙනකු හා නාවික හමුදා භටයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 10 December 2021
විශ්වවිද්‍යාවල ලියාපදිංචි වීමට දුන් කාලය දීර්ඝ කරයි කඩයිම් ලකුණු අනුව විශ්වවිද්‍යාවල ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය මේ මස 16 වැනිදා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 10 December 2021
‘‘ගිලෙන නැව්වලට ගොඩවෙන්න මට පිස්සු නෑ‘‘ ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පවසා තිබේ . 10 December 2021
සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි සිනමාවට සමුදෙයි 80 දශකයේ විනෝදාස්වාද සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ ’’සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු’’ ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ජනප්‍රිය අධ්යක්ෂ සහ රංගන ශිල්පී සුනිල් සෝම පීරිස් මහතා අද (10) අභාවප්‍රාප්ත විය. 10 December 2021
කුකුළු ගොවිපොළ හිමියන්ගේ අදෝනාව කුකුළු ගොවිපොළවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය කරගෙන යාම ඉතා දුෂ්කරවී ඇතැයි ගාල්ලේ කුකුළු ගොවිපොළ හිමිකරුවෝ පවසති. එමෙන්ම කුකුළු පැටව් ලබාගැනීම ද ගැටළුවක් වී ඇතැයි ඔවුහු කියා සිටිති. 10 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026