(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේය.
ඒස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ඒ. එස්. එම්. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (24) සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව පණවා තිබූ දෙවැනි නඩුව මෙය වෙයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රන්ජන්ගේ නඩුව කල් තබයි
fairoos Monday, 24 January 2022 12:26 PM
ෆොන්සේකා ඇතුළට දාපු එක හරි... ඒත් ඇයි රංජන්ව..?
Hafeel Monday, 24 January 2022 02:35 PM
මොන පදනමින්ද ඔබ කියන්නේ ෆොන්සේකා මැතිතුමාව ඇතුළට දාපු එක හරි කියල? රට බේර ගන්න නායකත්වය දුන්න එකටද? ෆොන්සේකා මැතිතුමාවත් රන්ජන්වත් එකට සමකරන්න පුළුවන්ද?
BamunuarachchiMonday, 24 January 2022 04:17 PM
ෆොන්සේකා ගැන හොයන්නේ.. හොයනවාකෝ අර සිරිසිරි බෑග් එකේ රෙදි දාගෙන පැන්න ගොයියාට මොකද වුනේ කියලා. ප්‍රභාකරන් කුණුගොඩවල් අපිටම තල්ලු කළා...
HafeelMonday, 24 January 2022 05:56 PM
මොන පදනමින්ද ඔබ කියන්නේ ෆොන්සේකා මැතිතුමාව ඇතුළට දාපු එක හරි කියලා? එතුමා යුද්ධය දිනන්න නායකත්වය දුන්නු නිසාද? ෆොන්සේකා මැතිතුමාව සහ රන්ජන්ව එකට සම කරන්න පුළුවන්ද?
Nimal fernando Monday, 24 January 2022 01:17 PM
එක රටක්, එක නීතියක්... වහල්ලු චූන්වෙලා...!
Saman weerasekara Monday, 24 January 2022 01:17 PM
දැන් සැපද?
අගුපිලගේ Monday, 24 January 2022 02:07 PM
රංජාට නඩු දැමූ නිමිත්ත ගැන ජනමතයක් තියන්න. ජනතා අදහස් ගන්න පුළුවන් වේවි..!!!
Bamunuarachchi Monday, 24 January 2022 04:15 PM
දෙවැනි නඩුවෙනුත් දඬුවම් නියම වෙනවාද? නියමයිනේ.
ගමේ එකාලාMonday, 24 January 2022 05:15 PM
බලලෝභී, දූෂිත, මිනීමරු දේශපාලුවන් රට කරවන එක වහලුන්ට සැපද?
BamunuarachchiWednesday, 26 January 2022 09:48 AM
බලලෝභී නැති දේශපාලකයෝ මොන ලෝකේද ඉන්නේ...? බලලෝභී නැතිනම් 1965 සිට හැමදාම පරදින ජෙප්පන් මේක දාලා ගෙදර යන්න එපායැ... කෝ ඔවුන් යනවාද? හැමදාම පරදින රනිල් යනවද? එහෙම තිබෙද්දී දිනන රාජපකෂලා යාවිද? ගමයාගේ මෝඩකතා...!