IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


කමරාගොඩ මඟුලකින් කොරෝනා පොකුරක්

(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ.

එකම පවුලේ අයියා සහ මල්ලි එකම දිනයේ දී මනාළියන් දෙදෙනකු කැන්දාගෙන පැමිණ ඇත.

සඳලංකාව ප්‍රදේශයේ දේවස්ථානයක විවාහ දෙක සිදුකර ඇති අතර දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දෙවැනි  දවසේ උත්සවය පවත්වා ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි.

මෙම මංගල උත්සවයට දෙපාර්ශවයේම 350 දෙනකු පමණ සහභාගි වී තිබේ.

එක් මනාලයෙකු ඇතුළු තවත් පස් දෙනකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කමරාගොඩ රෝමානු කතෝලික දේවස්ථාන භූමියේ දී මංගල උත්සවයට සහභාගී වූවන් ගෙන් 28 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කර තිබේ. එයින් 26 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

කමරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් මේ වන විට නිවෙස් තුල නිරෝධායන සඳහා යොමු කර ඇත . නිරෝධායනය සඳහා යොමුකර ඇති සමහරක් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන බවත් මංගල්‍ය උත්සවයට සහභාගි වූ කිහිප දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු නොවී ඔවුනට අයත් වෙළඳ සැල් විවෘතව තබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

කමරාගොඩ මඟුලකින් කොරෝනා පොකුරක්

Raveen nishshanka Monday, 24 January 2022 02:00 PM

මේකටත් අපේ ජනාධිපතිතුමාද වැරදි

:       3       1

kamal anuruddha Monday, 24 January 2022 02:01 PM

කොරෝනා කියලා එකක් මිනිස්සුන්ට දැන් මතකත් නැති ගානයි...

:       0       3

Yugantha yukthika Monday, 24 January 2022 02:02 PM

තව පොදු ස්ථාන වලට එකතු වෙමු .අවුරුදු ජයටම කන්න පුළුවන්

:       1       1

Raveen nishshanka Monday, 24 January 2022 02:03 PM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් . තවත් රැවටෙන්න එපා

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 488 0

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 298 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ
2024 මැයි මස 18 281 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ


ඩිනාරා ආසියාවේ ප්‍රබලයන්ගේ ලැයිස්තුවට
2024 මැයි මස 18 1521 0

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක


හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි
2024 මැයි මස 17 1252 0

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධාන ලංකාවට කියය
2024 මැයි මස 17 2013 0

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 770 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2312 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1977 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site