(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාරක රිය  අනතුරක් කළ බස් රථයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ  පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී බස්රථය වටකර පෙට්ට්‍රල් දමා බස් රථයට  ගිනි තැබූ කණ්ඩායමේ තිදෙනෙක්  අවිස්සාවේල්ල පොලිසිය  අද (24) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නඩු භාණ්ඩයක් ලෙස  නම් කර කර පොලිසිය වෙත රැගෙන එමින් තිබූ බස්රථය ගිනි තැබීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයන් 25 දෙනෙකු පමණ  අත්අඩංගුවට ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර ඒ අතර මියගිය පුද්ගලයාගේ පුතා ද වන බව පොලිසිය කියයි.

ඔවුන් මේ වන විට සිය නිවෙස් හැර  පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය 

එම අනතුරෙන් හැටපස් හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබිණි 

ඉකුත් 15 වැනි දින අවිස්සාවේල්ල මානියම්ගම  පා පැදි කරුවකු  යට  වීමේ යාමේ සිද්ධියකට සම්බන්ධ බස් රථය  අවිස්සාවේල්ල  පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සිය බාරයට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී  අනතුරින් කුපිත තිබූ ගම්වාසීන් තිස් දෙනකුගෙන් පමණ පිරිසක්  මඟ හරස් කර  බස් රථය වටා පෙට්රල් දමා  ගිනි තැබීමෙන් බස්රථය සම්පූර්ණයෙන්ම විනාශ විය 

එම අවස්ථාවේදී බස් රථය පදවමින් සිටි අවිස්සාවේල්ල පොලිසියේ  රථවාහන  අංශයේ නිලධාරියෙක් ද පිළිස්සුම් තුවාල  ලබා රෝහල් ගත කෙරිණි 

මෙම අනතුර සිදුකළ  බස්රථයේ හිමිකරුගේ පුත්‍රයාට  බරවාහන රියදුරු බලපත්‍ර නොමැති වීම හේතුවෙන් ඔහු  අධිකරණය මඟින්  රිමාන්ඩ් භාරයට පත් කෙරිණි 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අවිසාවෙල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි