ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සමඟ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීම අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. 08 July 2021
සහරාන්ගේ පන්තිවලට සහය දුන් අයෙක් අල්ලයි සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ පැවැත්වූ අන්තවාදී පන්ති සඳහා සහයෝගය ලබාදුන් සැකකරුවකු නරම්වල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 08 July 2021
සිසුවියන්ට අන්තර්ජාලයෙන් කැත වැඩක් කළ තරුණයෙක් මාට්ටු සූම් තාක්ෂණය සදහා පැකේජ ලබාදෙන බව පවසා පිටබැද්දර පාසලක සිසුවියන් පිරිසකගේ දුරකතන අංක ලබාගෙන ඔවුන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයකට ලක් කළ සැකකරුවකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශනය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 July 2021
කොළඹ නගරයේ දී ෆයිසර් අද දෙන්නේ නෑ ’ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ සඳහා දෙවන මාත්‍රාව ලෙස අද (8) දිනයේ ද කොළඹ නගරයේ ’ෆයිසර්’ එන්නත ලබා දීමට සැලැසුම් කර තිබුණ ද එය තාවකාලිකව කල් දැමීමට සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ. 08 July 2021
කොරෝනා මරණ 38ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 38දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 July 2021
මුහුදු ගමන් හෙට අවදානම් මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (8) පෙරවරුවේ සිට ලබන 10 වැනිදා පෙරවරුව දක්වා ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2021
ජයවර්ධනපුර රෝහලේදීත් කොරෝනා එන්නත් ලබා දෙයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාවට සයිනොෆාම් එන්නත් ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද සිට ආරම්භ විය. 07 July 2021
ජෛව බුබුල කැඩූ ක්‍රීඩකයන් ගැන සොයන්න කමිටුවක් එංගලන්තයේදී පසුගියදා අවසන් වූ තරග සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්ෂිත බුබුල’ කඩකරමින් වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවකුගෙන් සමන්විත නව කමිටුවක් පත්කළේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. 07 July 2021
ඇප ලැබූ පෙරටුගාමින් දින 14ක් පල්ලේකැලේ නිරෝධායනයට කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 07 July 2021
කොරෝනා ආසාදිතයන් 678ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 678 දෙනෙක් අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 July 2021
‘‘දැරියට අතවර කළ අයගේ තරා තිරම නොබලා හැමෝම අත්අඩංගුවට ගන්න‘‘ අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරියට අතවර කළ බවට අනාවරණය වන සියළු සැකකරුවන් ඔවුන්ගේ තරා තිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද නියෝග කළාය. 07 July 2021
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා වැඩි කිරීම සඳහා සේවකයන්ගේ අවම වේතන පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. 07 July 2021
වෙල්ගමගේ අලුත් පක්ෂයට දයාසිරිගේ විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයට සමානකම් තිබෙන නමකින් කුමාර වෙල්ගම මහතා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 07 July 2021
කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා කොවිඩි ආසාදිත පුද්ගලයකු සහ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු මීගොඩ පානළුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ එන්නත් මධ්‍යස්තානයට ගොස් එන්නත් ලබාගෙන ඇති බවට තහවුරු වූ බව මිගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 07 July 2021
මාධ්‍ය මර්දනයෙන් ජනතා ප්‍රශ්න වහන්න බෑ මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 07 July 2021
කතරගම පෙරහරට පෙර පිරිත් පින්කම හෙට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට තෙරුවන්ගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන පිරිත් පිංකම 09 වැනි දින දේවාල භුමියේ ඇති පිරිත් මණ්ඩපයේ දී සිදු කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. 07 July 2021
මැතිසබය විනාඩි දහයකට නවතී ඝණ පූර්ණය නොමැතිවීම නිසා පාලිමේන්තුවේ කටයුතු අද (7) පස්වරුවේ විනාඩි දහයකට ඇන හිටියේය. 07 July 2021
හෙට දිවුරුම් දෙන බැසිල්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 07 July 2021
30 වැනිදා සිට මොස්කව් නුවරට යළි ගුවන් ගමන් අරඹයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන 30 වැනිදා සිට රුසියාවේ මොස්කව්නුවර වෙත නැවත වරක් සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 07 July 2021
නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්කර සිටි නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අද සිට අත්හිටවූ බව නාවික හමුදාව කියයි. 07 July 2021
හෝමාගම හිටපු විනිසුරුගේ පෙත්සම විසිකරයි අධිකරණයේ විභාග වූ නඩුවක එක් පාර්ශවයකට වාසිදායක ආකාරයෙන් තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයන් මහාධිකරණයෙන් වරදකරු කොට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඩුවම් නියම වු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතා ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද ( 07) නිෂ්ප්‍රභ කළේය. 07 July 2021
එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් රුපියල් මිලියන 720ක් භාණ්ඩාගාර ගිණුමට මෙරට මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව ලැබුණු රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති අතර හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. 07 July 2021
මුතුරාජවෙල ගැටලුව මැතිසබයටත් එයි මුතුරාජවෙල වගුරු බිමෙන් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා ප්‍රදේශයේ විශාල පරිසර ගැටලුවක් නිර්මාණයවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය . 07 July 2021
නාමල් කරුණාරත්න ඇතුළු පිරිසට ඇප නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්ද නගරයේ දී නිති විරෝධි උද්ඝෝෂණයක් කළැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලූ සැකකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂයක ශරිර ඇපමත මුදා හරින්නැයි වැලිමඩ මහේස්ත්‍රාත් පසන්න ජයසේකර මහතා අද නියෝග කළේය. 07 July 2021
ලංකා ගුරු සංගමයේ ලේකම් අත්අඩංගුවට මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුලූ දෙදෙනකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 July 2021
‘‘ගුරු ලේලිය, මාමණ්ඩියට කෙළ මුසු කළ සම්බල් කන්න දීලා‘‘ හැත්තෑ හත් හැවිරිදි පියාට පහර දී වධ හිංසාවට ලක් කළ බව කියන පුතා සහ ලේලිය අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 07 July 2021
15 දැරිය අපයෝජනයට යෙද වූ ඇගේ මවට ලක්ෂ 10ක ඇපයක් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළ එම දැරියගේ මව ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය. 07 July 2021
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස් දෙසීයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි තිස් හත්දහස් දෙසීයකට වැඩි පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත. 07 July 2021
පුජිත්ට-හේමසිරිට එරෙහි නඩු විභාග කිරීමට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවාරා ඇති නඩු විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (07) පත්කරන ලදී. 07 July 2021
මුදල් ඇමැති ලෙස දිවුරුම් දි බැසිල් හෙට පාර්ලිමේන්තු යයි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ හෙට (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 07 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026