
(සුජිත් හේවාජුලිගේ )
පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් අධිවෙිගි මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ වාහන හේතුවෙන් ඇතිවූ පරිසර දුෂණ බලපෑම් හේතුවෙන් පසුගිය කාලය පුරා මරුමුවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවූ බව පරිසර සංවිධාන පවසයි.
මොනරුන් පමණක් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ එම වාහන මගින් ඇති කළ පරිසර දූෂණ බලපෑම් නිසා මරුමුවට පත්ව ඇතැයි පරිසර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ අධිවේගී මාර්ගවලදී යම් යම් වන සතුන්ට ගැටලු මතුවන බව තමා පිළිගන්නා බවයි.
පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ප්‍රිය කරන ගස් කොළන් අධිවේගී මාර්ග දෙපස වැවීම නොකරන ලෙසට උපදෙස්දී ඇත්තේ මේ තත්වය සැලකිල්ලට ගෙන බව පවසන අදහස් ජනරාල්වරයා අධිවේගී මාර්ග ආරම්භ කළ කාලයට සාපේක්ෂව වන සතුන්ට වන හානි මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බවයි.
අධිවේගී මාර්ග බලධාරීන් වන සතුන් ආකර්ෂණය වන ගස් කොළන් මාර්ග දෙපස වැවීමෙන් වැළකී සිටීමට දැනටමත් පියවර ගෙන ඇතැයිද විශේෂයෙන් මොනරුන් සුලබව සිටින ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට අධිවේගී මාර්ගවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කැර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීවේය
සමහර වන සතුන් අධිවේගී මාර්ග මතදී ඇතිවන බලපෑම හේතුවෙන් මරුමුවට පත්ව සිටියදී සොයා ගැනුණේ එම මාර්ගවලට පිටත විවිධ ස්ථානවල වැටී සිටියදී බව පරිසරවේදීහු ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවායේ විපාක තමයි මේ එන්නේ...
ඔය සංවිධාන පරිසරයට ඊට වඩා හානිකරනවා. එය සංවිධාන හදාගෙන එයාලගේ බඩ පුරවගන්නවා. නැතිව සත්තුන්ට ආදරේට හදපු ඒවා නෙවෙයි ඕවා.
එහෙනම් ඔය පරිසරවේදීන් අධිවේගී මාර්ගවල යන්න එපා. සත්තු කීපදෙනෙක්වත් බේරෙයිනේ...
ලාබෙට හයිවේ හැදුවම මෙහෙම තමා.
වනසතුන් ගැවසෙන බවට අධිවේගී මාර්ගයේ දැන්වීම් පුවරු ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද
සතුන් අධිවේගී මාර්ගයට එන එක නවත්වන්න ක්‍රමයක් නැද්ද?
මම 3 න දෙනෙකුගේ පමණ ජීවිත ආරක්ෂා කළා මගේ ජීවිතය ගැන නොසිතා
මැරෙන්න ඉන්න එකා ඉඳලා ඉඳලා වේගයෙන් එන ලොරියක් එද්දීම පාර මාරු වෙනවා...
සතුන් සිය දිවි නසා ගන්නවා වෙන්න බැරිද?
සතුන්ගේ භූමිය නැතිකර මාර්ග සෑදීමේ ප්‍රතිඵල
තව ඉදිරියට අධිවේගයේ රිය අනතරු බහුල වෙනවා.මාර්ගය දැන් අබලන් වෙමින් පවතිනවා
අපේ සර්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කරලා දෙන්න කියන්නේ මෙන්න මේ නිසයි .මේවාට සර් ගාව විසඳුම් තිබුනත් ඒවා ක්‍රියාවට නංවන්න මේ අවුරුදු 3 න මදි
කුණුහරප කියව කියව ඉන්නේ නැතුව මේකට විසඳුම් ඉදිරිපත් කළා නම් කොච්චර වටිනවද.මේ ජීවිත බේරා ගන්න
පවු දෙවියනේ
කතරගම දෙවියන්ට පුජාවක් තිබ්බොත් මේ සත්තුන්ට ආරක්ෂාව ලබා දෙන්න කියලා.මරණ අඩු වෙයිද