(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පිරිස කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
ගුණවර්ධන මහත්මිය සැමියා සහ දියණිය ද ආසාදිත වී ඇති අතර ආශ්‍රිතයන් රැසක් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි'
මන්ත්‍රීවරියගේ තත්ත්වය බරපතළ නොවන බවක් ඔවුන් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කලේය
මන්ත්‍රීවරිය කිසියම් හේතුවක් මත ඉකුත් සතිය පුරා පැවති රැස්වීමවලට සහභාගීවීමෙන් වැළකී සිටීම හේතුවෙන් තත්ත්වය බරපතළ වීම වැළැක්වී ඇති බවද වාර්තා වේ'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ රස්සාවට ගියාම කොහෙන් හැදුණද කියලා හිතාගන්න බැරිවෙනවා.
මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද? නම ඇහුවෙත් අද...
එහෙනම් ප්‍රසන්න බඩාටත් බඩු බනිස්...
මෙයා ගියසතියේ පාර්ලිමේන්තුවේ කතාකරද්දිම මට තේරුණා කොරෝනා හැදිලා කියලා..