
(තිලකරත්න දිසානායක)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළද යළි කොරෝනා වයිරසය ව්‍යාප්තියක් පෙනෙන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.
පසුගිය කෙටි කාලයක් තුල වයස අවුරුදු 60 ට වැඩි සහ අවුරුදු 20 ට වැඩි සැමට ෆයිසර් එන්නත ලබා දීම පිනිස එන්නත් කිරීමේ වැඩසටහන් 70ක් පැවැත්වූ නමුත් එන්නත ලබා ගැනීමේ ප්‍රගතිය සියයට විස්සක් පමණ ඉතා අඩු මට්ටමක් බව හෙතෙම සඳහන් කළේය.
ඉකුත් දිනකදී සැක සහිත පුද්ගලයන් 70 දෙනකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඉන් 27 දෙනකු ආසාදිතයින් බවට හදුනාගත් බවද වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙනු ලැබීය.
මේ වනවිට කොරෝනා වෛරස ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා දෙක ලබාගෙන ඇති සැවොම තෙවන එන්නත කඩිනමින් ලබා ගන්නා ලෙසත් එසේ නොවීම මත යළි කොරෝනා රෝග තත්ත්වය පැතිරීමේ අනතුරක් විය හැකි බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා හිස ඔසවන්නේ නැතිද ඉතිං ලවුඩ්ස්පීකර් දමාගෙන, ලැයිස්තු හදාගෙන සතර පේරුවේ මිනිස්සුන්ව පින් කරන්න එක්කාසු කිරිල්ලේ හැටියට මුදල් ආධාර පතා...
ජනතාවත් දැන් ටික ටික පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්නේ, කොහොමත් කොරෝනා ආයෙමත් හිස ඔසවයි වගේ...
දැන් ක්‍රියාකාරින් කියන්න පටන් ගනී ඒ ගොල්ලන්ගේ උද්ඝෝෂණ කඩා කප්පල් කිරීමට කරන බොරු ප්‍රචාරයක් කියලා මේක...
සෞභාග්‍යයේ දැක්ම ළඟ ළඟ එනවා