IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රජයේ ආයතනවල මහ පුටු වෙනසක් අත ළඟ

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර ,ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලුතින්ම පත් කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග පැවසේ .

රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්,ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ .

මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා පසුගියදා ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කරනු ලැබීය .

මේ අතර, ලිට්ට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙශාර ජයසිංහ මහතා ඉන් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ඔහු එදිනම නැවතත් පත් කරනු ලැබීය .

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මග නැගුම ආයතනයේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ද ඉල්ලා අස්වන ලෙස මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා දැනුම් දී තිබිණි .

 



අදහස් (14)

රජයේ ආයතනවල මහ පුටු වෙනසක් අත ළඟ

sena Sunday, 23 January 2022 02:59 PM

කොළ ඇනුවට වැඩක් නැහැ... කාඩ් ගහන්න බැරි නම්.

:       0       37

යෝගා Sunday, 23 January 2022 03:14 PM

අයියාට ඕන විදියටද, නැත්නම් ඊළඟ ඡන්දෙ බලාගෙන මල්ලිට ඕනෑ විදියටද කියලා ජනතාව බලාගෙන ඉන්නවා.

:       1       32

Willow Drive Sunday, 23 January 2022 03:34 PM

කොහොම ගැහුවත් එකම බූරු, පොරෝ, හෝර් සෙට් එක...

:       0       34

Rohan Sunday, 23 January 2022 04:18 PM

අර මොනවද එකට කොට්ටෙ මාරු කෙරුවා වගේ..

:       1       27

විපරමා Sunday, 23 January 2022 04:39 PM

පවුල් පාලනේ උදවියට ඕනෑ විදියට එහෙට මෙහෙට දායි. ආයේ තමුන් කැමැති විදියට රිවස් කරයි...

:       0       24

ravin Sunday, 23 January 2022 05:38 PM

කොයි මාරුකිරිල්ල වුවත් කම් නැත. රටේ ඉන්න තරම් හොරු ටිකයි, දූෂිතයෝ ටිකයි, නම්දරාපු වංචාකාරයෝ ටිකයි ඔය කියන පුටුවල වාඩිකරවන්නේ නැතිව...

:       0       20

fairoos Sunday, 23 January 2022 05:39 PM

මොනවා කළත් වැඩක් නැහැ සර් ෆේල්...

:       2       27

Kamal Sunday, 23 January 2022 05:57 PM

කට්ටිය රැස් කරගෙන බයිලා ටිකක් කිව්වාම රටේ ප්‍රශ්න විසඳෙනවා කියලා හිතන් ඉන්නේ...

:       0       17

Prabha Sunday, 23 January 2022 06:34 PM

මොරටුවෙන් ලොකු පුටු ටිකක් ගේන්නවත් බැහැනේ..

:       0       14

ගමේ එකාලා Sunday, 23 January 2022 07:11 PM

ගැසට් ගැහිල්ලයි. ඔලු ගෙඩි එහෙට මෙහෙට කරන එකයි හැරෙන්න බලන් ගියාම කරපු දෙයකුත් නෑ...

:       1       24

sampath Sunday, 23 January 2022 10:39 PM

මේ ආයතන සඳහා ඉහල අධ්‍යාපන සුදුසුකමක් ඇති පුද්ගලයන් පත් කල යුතුයි.

:       0       4

Sunil Monday, 24 January 2022 05:35 AM

කාඩ් අනනවා වගේ තමයි, හැබැයි වැඩි හරියක් ඉන්නේ ජෝකර්ලා...

:       0       5

Kamal Koyrala Monday, 24 January 2022 10:41 AM

සියලුම අධ්‍යක්ෂ, සභාපතිලා අස්කළා නම් රජයට විශාල මුදලක් ඉතිරිවෙනවා. මොකද හිටියත් වැඩක් නැහැ... අවසාන තීන්දු තීරණ ගන්නේ විපත් මගේ උපදෙස් අනුව හෝ දේශපාලන බල අධිකාරිය...

:       0       6

Siri Monday, 24 January 2022 11:52 AM

නරකද කොණ්ඩ බූ ගාපු කට්ටියක් අල්ලලා සිවුරු පොරවලා මේ තැන්වලට දැම්මානම්..? එහෙම නේද හාමුදුරුවනේ...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site