(ලාල් එස් කුමාර) 

ලිංගිකව ඇසුරක් ලබාදෙන බව පවසා වැඩිහිටියෙකු රවටා ඔහු සතු මුදල් ,ජංගම දුරකතනය හා බැංකු කාඩ් ,ඇතුළු දේ කොල්ල කෑ ගැබිනි  කාන්තාවක ඇතුළු තරුණයකු ඉකුත් දා කැලණිය  පිළපිටිය ප්රෑදේශයේදී අත්අඩංගුවට ගත් බව  පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි.

එම  අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව හෙරොයින් ග්‍රෑම් 10  යි,  මිලිග්‍රෑම්  425 ක් තිබූ  බව   පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ  අපරාධ අංශයේ ස්ථානාධිපති  කසුන් සුභාෂණ මහතා කීය.                              

කොල්ල කෑමට ලක්වූ වැඩිහිටියා  විසින් පෑලියගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක්  පිළිබඳව විමර්ශනයක් සිදුකළ පෑලියගොඩ  මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රූධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහතා ප්රකධාන, අපරාධ අංශය  එම ගැබිනි කාන්තාව සහ තරුණයා ඉකුත් (19) දින  අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ වලදී ගැබිනි කාන්තාව විසින් ලිංගික  ඇසුරක් ලබාදෙන බවට එම  වැඩිහිටියා ඊට දින දෙකකට පෙර  කැමති  කරවාගෙන ඇත.   එ් අනුව වැඩිහිටියා විසින් ප්‍රෙද්ශයෙන් පිට ස්ථානයකට යාමට කැමැත්ත පළ කර ඇතත් ,ගැබිනි කාන්තාව පවසා ඇත්තේ තමන්ගේ ස්වාමිපුරුෂයාට හොරෙන් මෙය සිදු කරන බැවින් දුර බැහැර ප්‍රෙද්ශයකට යා නොහැකි බවය.    

ඒ අනුව ,   ඇය පෙතියාගොඩ  මෑවැල්ල   ගඟ අසබඩ ප්‍රෙද්ශයට එම  වැඩිහිටියා එක් කරගෙන ගොස් ඇත . ඒම අවස්ථාවේ ඒ  අසලට පැමිණි සැකකාර තරුණයා , තමන්ගේ බිරිඳ සමග සිටින බවට වැඩිහිටියාට තර්ජන  කර  වැඩිහිටියාට   පහරදී  ඔහුගේ මුදල්,බැංකු කාඩ් ,ජංගම දුරකථනය , ඇතුළු දේ කොල්ලකා , ගැබිනි කාන්තාව සමඟ පලා ගොස් ඇත.   

මෙම තරුණයා  ගැබිණි කාන්තාවගේ අනියම් සැමියා බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළිවී  ඇත  .      

අත්අඩංගුවට පත් තරුණයා හා ගැබිණි ගැබිනි කාන්තාව මත්ද්රෑව්ය ට ඇබ්බැහිවූවන් බව  පොලිසිය පවසයි .   අත්අඩංඟුවට පත් කාන්තාව විසිහය  වියේ පසුවන ඇහැලියගොඩ ප්‍රෙද්ශයේ  පදිංචිකරුවකු බව ත්, එම තරුණයා තිස්වන   වියේ පසුවන ,පෑලියගොඩ ප්රිදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය  පවසයි .   

        
තරුණයා සතුව හෙරොයින් මිලිගෑම් 5230 ක්ද,    ගැබිණි කාන්තාව සතුව හෙරොයින් මිලග්රෑසම් 5195  ක් තිබු බව පොලිසිය පවසයි .  වැඩිහිටියාගෙන් කොල්ල කන ලද මුදල්වලින් සැකකරුවන් දෙදෙනා   මත්ද්රිව්ය  පානය කර ඇති බවත් , කොල්ල කන ලද   ජංගම දුරකථනය බැංකු කාඩ් ද පොලීසිය විසින් සොයාගෙන ඇත .          

 මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේ දී සොයාගෙන ඇත්තේ මෙවැනි අපරාධ මීට පෙර දහයක් පමණ සිදු කර ඇති බවත් ඒ අනුව මොවුන් රිමාන්ඩ්  බන්ධනාගාරගතව සිට   පැමිණ මෙවැනි කොල්ලකෑම් කිහිපයක්   සිදුකර ඇති බවයි .      සැකකරුට විවෘත වරෙන්තු හතක් සහ ගැබිණි  කාන්තාවට විවෘත වරෙන්තු පහක් , කොළඹ අලුත්කඩේ සහ මහර මහේස්ත්රාපත් අධිකරණවල ඇති බව පොලිසිය පවසයි .       

වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් සිදුකෙරේ.  

කැලණිය ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්  මහතාගේ උපදෙස් පරිදි කැලණිය 1 කොට්ඨාස  භාර පොලිස් අධිකාරි  ගුනරත්න මහතාගේ  අධීක්ෂණය  අනුව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ  අංශයේ ස්ථානාධිපති කසුන්  සුභාෂණ මහතාගෙ  ප්රෙධානත්වයෙන්  උප පොලිස් පරීක්ෂක විමුක්ති,   පොලිස් සැරයන්වරුන් වන එදිරිමාන්න (47575),    පෙරේරා (52951),රුක්ෂාන්  (28405),   කොස්තාපල්වරුන් වන සංජීව(73048), සිල්වා(93616), රන්දෙණිය (35432), කාන්තා පොලිස් කොස්තාපල්     මදුමාලි (9608) යන නිලධාරීහු   වැටලීම්  සිදු කළහ.