(සුජිත් හේවාජුලිගේ )
තමා ජනාධිපති ධූරය දැරූ කාලයේ දී අත්සන් කළ ඇතැම් ගැසට් නිවේදන තවමත් ක්‍රියාත්මක වී නැතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කළේය .
තමා එම ගැසට් නිවේදන නිකුත් කළේ පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් බවද ඔහු සඳහන් කළේය .
ඔහු මෙසේ පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැති උත්සවයකදීය
වත්මන් ආණ්ඩුව පස් සහ වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම පිළිබඳව තමා විමතියට පත්වූ බවද ඔහු කීවේය
"මම ජනාධිපති ධූරය දරන කාලයේදී ගැසට් නිවේදන 65කට අත්සන් කළා. ඉන් මාස තුනකට පස්සෙතමයි මම ජනාධිපති ධුරයෙන් සමු ගත්තෙ .විදුලි කියත් ලියාපදිංචි කරන්නත් ගැසට් නිවේදනයක් නිකුත් කළා. සමහරු මේවට මට හිනා වුණා . සමාජ වෙබ් අඩවිවලින් මට කුඩුවෙන්න ගැහුවා.මගේ ඇඟේ කෑලි ගැලෙව්වේ නැති ටික විතරයි ."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම අවලංගු කරන්න යන්නේ අර ගෙවල් 3 ක් එකට අන්දලා ගහපු ගැසට් එක. ඊට පස්සේ අනික් ඒවා ගැන සලකලා බලමු.
දැන්ද ඒවා මතක් උනේ...
ගැසට් වලින් මොනාද වෙන්නේ.?
නිර්පාක්ෂික ජනපති වී නිවට ලෙස පක්ෂ නායකත්වය බාරගෙන හොර ආණ්ඩුවක් පිහිටුවීමට අනුබල දුන් පුද්ගලයෙකුට තම අත්සන ගැන තීරණ ගැන මොනවා කියන්නද...?
අද ප්රවෘත්ති පත්‍රයෙන් ඉගෙන ගත්තද?
තමන් අත්සන් කරපු ගැසට් එක ක්රීයාත්මක කර ගන්න බැරිඋන පුද්ගලයාද නැවත සන්දාන හදාගෙ ජනාධිපති වෙන්න හදන්නේ?
ගැසට් කන්නද.?
පව්..... ක්‍රියාත්මක උනානම් රට සුරපුරයක්.
දැන්වත් ගෙදරට වෙලා වැඩක් බලාගත්තනම් නේද හොඳ ආපසු නායකයා වෙන සිහින පැත්තක දාලා.
කවද්ද ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ? සජිත් එක්ක ආප්පයක් කමුද? සිරිසේනත් එකයි, නන්දසේනත් එකයි දෙන්නම මිස්ටර් බීන්ලා තමයි.
කවුරුවත් එව්වා ගණන් ගන්නේ නැතිව ඇති. ඔබතුමාට වෙච්චි දේ ඔබතුමාගේ ගැසට් වලටත් වෙලා වගේ නේද?
යහපාලන ආණ්ඩුවේ ගැසට් රිවස් වෙලා. මොළ හතා ප්රමුඛ පවුල් පාලන ආණ්ඩුව දැන් ගහන්නේ අලුත්ම තාලේ ගැසට්නේ...
ඔව් ඉතින් නිදාගෙන තමයි තමන්ගේ ධූර කාලය හිටියේ. පස්සට බෝම්බ තියනවා කියලා 97 සැරයක් කියලත් ඇහුනේ නැත්තේ ඒකනේ. ඉන්න කම්ම මල්ලිලා පෝසත් කෙරුවා සමුද්‍රයේ වැව් තාවුල්ලේ හෝටල්, ගෙවල් හැදුවා ජෝකර් චරිතයක් රඟ පෑව රනිල් සහ අනුර කුමාරගේ තාලයට නැටුවා. එච්චරයි. රටම අනාත කෙරුවා