
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
මල්වර වියට පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වු සාදයෙන් පසු පවුලේ නෑ හිතවතුන් සමග වැලිගම මුහුදු තීරයේ දිය නෑමට පැමිණි 12 හැවිරිදි දැරියක හා ඇගේ 16 හැවිරිදි ඥාති සහෝදරියක මුහුදේ අතුරුදන් වී තවත් දැරියන් දෙදෙනකු දිවි බේරා ගෙන ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
ඥාති සහෝදරියන් සිව් දෙනකු මෙම අනතුරට ලක්ව තිබු අතර අතුරුදන්ව ඇත්තේ වැලිගම මූදුගමුව හා බද්දේගම පදිංචී දැරියන් දෙදෙනෙකි.
මුහුදේ දිය නාමින් සිටි ඥාති දැරියන් සිව් දෙනාම සැඩ රල පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බවත් ඒ අසල සිටි තරුණයන් දෙදෙනකු ඇතුළු පිරිසක් දෙදෙනකු බේරා ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.
අතුරුදන්වු මූදූගමුවේ පදිංචි දැරිය මල්වර වීමේ ප්‍රීතිය නිමිත්තෙන් එම නිවසේ සාදයක් පවත්වා තිබෙන අතර ඊට සහභාගී වු පවුලේ ඥාතීන් කැබ් රථයකින් මුහුදේ දිය නෑම සදහා පැමිණ තිබෙන බව කියති.
දිවි බේරා ගත් දැරියන් දෙදෙනා වැලිගම වලාන රජයේ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
අවුරුදු 14 හා 21 යන වයස්වල පසුවන ඔවුන්ගෙන් දැරියකගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මුහුදේ අතුරුදන් දැරියන් දෙදෙනා සොයා ගැනීම සදහා පොලීසිය හා නාවික හමුදාව මුහුදේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මුහුද කෙතරම් සුන්දර වුවත් හරිම භයානකයි. සුන්දර හැම මුහුදු තීරයක්ම දුක්ඛදායක කතා බොහෝ ඇත...
මෙවැනි ජනාකීර්ණ මුහුදුතීරයන්ට වෙරළාරක්ෂක සේවාවන් යොදන්න.
අනේ ඉතින් විපතට පත් වූ හැටි...!
මෙව්වා දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසාම සිදුවෙන " අපරාධ " .