
(ජේ.කේ.එල්. චාමින්ද)
නාගොඩ රාජකිය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකදි පහවසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටි සිසුදරු දැරියන්ට විනාඩි 05ක් ප්‍රමාද වි ප්‍රශ්න පත්‍රය ලබාදි විනාඩි 15 කට කලින් නැවත ප්‍රශ්නපත්‍ර එකතුකිරිම සම්බන්දයෙන් මව්පියන් හා දරුවන් කරන චෝදනාව සම්බන්දයෙන් විභාග දේපාර්තමෙන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
තමන් මේ පිළිබද විභාග මධ්‍යස්ථානයේ සිටි ශාලධිපතිවරු දෙදෙනාගෙන් විමසිමක් කළ බවත් එවැනි සිදුවිමක් සිදුනොවු බවට ශාලාධිපතිවරුන් දෙදෙනා තමන්ට ප්‍රකාශ කළ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
නියමිත වෙලාවලට ප්‍රශ්න පත්‍රය ලබාදි පිළිතුරු පත්‍ර නියමිත වෙලාවට එකතුකරගත් බවට ශලාධිපතිවරුන් දෙදෙනා ප්‍රකාශ කළ බවත් මේ සම්බන්දයෙන් විභාගයට පෙනි සිටි දරුවන් මව්පියන් කරණු ලබන චෝදනාව සම්බන්දයෙන් පරික්ෂණයක් සිදුකරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
ඒ සමග මව්පියන් පිරිසක් හා ගුරුවරුන් අතර වචන හුවමාරුවක්ද ඇතිවි තිබේ. මේ පිළිබද මෙකි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් නාගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිගත්හේනේ පාසලකත් විනාඩි 10 කලින් පේපර් එකතු කරලා.
ශාලාධිපතිවරු එහෙම කළත් ඒක පිළිගන්නේ නෑනේ. එනිසා වැරැද්ද කළානම් දඬුවම් කරන්න. හැබැයි දඬුවම් කළොත් වෘත්තීය සමිති හැතිකරේට කියලා උපවාස කරයි. ඕකනේ මේ රටේ ක්‍රමය.
වැරැදි කරත් ලොකු අය ලස්සනට ලිස්සලා යනවා.5 වසරෙ අහින්සක පොඩි එවුන්ට නම් අසාධාරණයක් වෙන්න දෙන්න එපා.නිසි පිළියමක් ඕනා
වේලාව ප්‍රමාද වී ඇත
නැවත බැලවීමට
144 ලකුනු නැවත බලවීමෙන් අපෙ දරුවාට සාදාරනයක් වෙඉ කියල හිතනවා