
(යොහාන් භාසුර)
සමස්ත ශ්‍රී ලංකාවට කාණ්ඩ හතරක් යටතේ අද (24) දිනයේ විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
සපුගස්කන්ද විදුලි බලාගාරයේ කටයුතු ඇනහිටීම හේතුවෙන් අද දිනයේ එලෙස පැයක කාලයක් විදුලි කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමය වැඩි දුරටත් කීය.
ඒ.බී.සී.ඩී යනුවෙන් කාණ්ඩ හතරකට බෙදා මෙම විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතය.
ඒ කාණ්ඩය: පස්වරු 5.30 සිට 6.30 දක්වා
බී කාණ්ඩය: පස්වරු 6.30 සිට 7.30 දක්වා
සී කාණ්ඩය: පස්වරු 7.30 සිට 8.30 දක්වා
ඩී කාණ්ඩය: පස්වරු 8.30 සිට 9.30 දක්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ජනතාවට ලෑස්තිවෙන්න. මේ කාණ්ඩ 4ට අයත් දිස්ත්‍රික්ක මොනවද කියලා. පැහැදිලි කිරීමක් කළොත් නරකද? මහ ජනතාව අපහසුතාවට පත් නොකර, මේවා කිරීමට පෙර... මොලේත් පොඩ්ඩක් යොදවන්න.. ස්තුතියි...
දැන්නම් සැප තමයි.
රටේ පවතින විවිධ අර්බුද හමුවේ මැති ඇමැතිවරුන්ට කිසිඳු හැඟීමක් හෝ ප්‍රතිපත්තියක් නොමැති අතර, විදුලි අර්බුදයද එම ගොඩටම එකතුවී ඇත. ගෘහස්ත සූර්ය විදුලි ජනනය මගින් මෙම අර්බුදයට දිගුකාලීන විසඳුම් සොයාගත හැකි අතර ඊට නිසි මග පෙන්වීම හා දිරිගැන්වීම් රජය විසින් කළයුතුව ඇත. අතිරේක සූර්ය විදුලි ජනනය සඳහා ඒකකයට රු.22/- ක් මුදලක් ගෙවනු ලබන අතර වසර 7 ඉක්ම වූ පසු එම මුදල රු.15/- දක්වා අඩු කරනු ලබයි. සූර්ය විදුලි පැනල සවිකිරීම් සඳහා ආයෝජනය කළයුතු මුදල හා සැසඳීමේදී මෙම ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවේ... එමගින් මෙම ආයෝජනය සඳහා මහජනතාවගේ උනන්දුව හීන වී ගොස් ඇත. රජය මගින් පොලී රහිත ණය මුදල් ලබාදීම හා ඒකක මිල ඉහළ දැමීම් මගින් මහජනයා දිරි ගැන්විය හැකි අතර ආර්ථිකයට වන ප්‍රතිලාහ අති ඉමහත්ය...
දැන්නම් මුලු රටම ලෝකෙන්ම කැපිලා නන්නත්තාර වෙලා යනඑනමන් නැතිව ඉන්නේ... මදැයි සෞභාග්‍යය කියලා අපිත් දුන්නා.. මුන්දැලා ගෑවිච්චි හත්මුතු පරම්පරාවෙ එකෙකුට නම් ඡන්දෙ දෙන්නේ නැහැ...
සෞභාග්‍යයේ දැක්මනේ... නියමයි නියමයි.
නොදකින්... මේ කාලකණ්නි පාලනය රටම විනාශ කළා..