IMG-LOGO

මුං වගාවට මුදල් ආධාර

(සුජිත් හේවාජුලිගේ )

මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස නිලධාරීන්ට මෙසේ උපදෙස් දී ඇත්තේ වාරි පහසුකම් මදිවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම්වල අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගා කරන්නන් සඳහා යැයි ජනාධිපති කාර්යාලය පවසයි.

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගා කරන්නන් සදහා රජයේ සහායවීමට අපේක්ෂා කරන බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවත් එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 



අදහස් (20)

මුං වගාවට මුදල් ආධාර

යෝගා Sunday, 23 January 2022 05:28 PM

ඉතා වැදගත් තීරණයක්... මුං වගාවෙන් පසේ නයිට්‍රජන් සංයුතිය වැඩි වෙනවා. ඊළඟට දාන මොන වගාවටත් එය වාසිදායකයි.

:       29       15

senaMonday, 24 January 2022 11:00 AM

රට හැමතැනම මුං වගා කරන්න පුලුවන්ද.?

:       1       4

fairoos Sunday, 23 January 2022 05:41 PM

ගොවියා පාරට දාලා මොන ආධාරද? සර් අසමත්...

:       12       50

පිටිගල මිලානෝ Sunday, 23 January 2022 06:18 PM

පොහොර නැති නිසා වී වගාවත් නැත... මුං වගාවත් නැත. මෙයාට මේක තේරෙන්නේ නැද්ද?

:       11       47

කියනකොට මෙහෙමයි Sunday, 23 January 2022 06:22 PM

මුලින්ම කිව්වේ ගොවීන්ට වන්දි දෙන්නත් කටයුතු කරනවා කියලා. ආණ්ඩුවේ අය වාචිකව කියන දේ සියයට අනූවකට වඩා බොරු වී තිබෙනවා. ඉතිහාසය පුරා අහිංසක මිනිස්සු නායකයින් සැහැල්ලුවෙන් පවසන දේ මතසිට බැංකුණය පවා අරගෙන අමාරුවේ වැටී තිබෙනවා. ලංකා ආණ්ඩුවට වැඩකරන අය වැදගත් විදියට පිළිවෙලට ලිඛිතව සැලසුම් කිරීමට පටන් ගන්නේ කවදාද..?

:       5       33

ganegoda Sunday, 23 January 2022 06:23 PM

දැන් ඔය ‘‘මුං‘‘ කිව්වේ ගොවියන්ටද?

:       5       41

විපරමා Sunday, 23 January 2022 07:40 PM

පවුල් පාලනේ අය, තමතමන්ගේ අය ගැන හිතාගෙන කියන්න ඇති... බෙදාහදා ගෙන කාපු එකනේ වැඩිපුරම කෙරුවේ...!!!

:       4       30

Ruhunu Sunday, 23 January 2022 06:37 PM

කවුරුත් දැන් කියන්නේ මේ අය එපාවෙලා කියලා සර්...

:       6       40

ගමේ එකාලා Sunday, 23 January 2022 06:55 PM

රටම බංකොළොත් වෙන තැනට වැඩකරලා තව ආධාර ගැනත් කියනවා. කටින් බතල හිටවනවා...

:       5       39

de silva Sunday, 23 January 2022 07:55 PM

මේ අයගේ මොලේ අවුල්, පොහොර නැතිව කවුද වගාකරන්නේ...?

:       4       29

Mama Sunday, 23 January 2022 10:06 PM

නන්දෙ රටටම කෙලෝලා, බයිලා කියවනවා.

:       0       9

nihal Monday, 24 January 2022 03:19 AM

ගොවීන්ට පොහොර දුන්නානම් ගොවිතැන් කරාවි. බයිලා කියන්න එපා.

:       0       9

mp Monday, 24 January 2022 07:20 AM

මෙහේ කිලෝව 850/- තියෙන මුංඇට කොටසක් තැම්බෙනවා, කොටසක් තැම්බෙන්නේ නැහැ. එතකොට කන්න වෙන්නේ කොටසක් අමුවට, ඉතිරිය තැම්බිලා...

:       0       7

දාස Monday, 24 January 2022 09:37 AM

මේ මනුස්සයා මේ රට විනාශකරලා හමාරයි. අපේ රටේ වාසනාවට ෆොන්සෙකා මහත්තයාට යුද්දෙ බාරවුණේ.. නැත්නම් යුද්ධය තාමත් යනවා.

:       0       13

Sunil Monday, 24 January 2022 11:48 AM

නිසි පොහොර නොමැතිව කවර බෝගයක් වුවත් වවන්නේ කෙසේද?

:       0       8

Shan Monday, 24 January 2022 01:16 PM

මෙන්න මොවුන්ගේ මොලේ වග කරන්න ක්‍රමයක් තියෙනවා නම් රටට හොඳයි. නැතිනම් පයින් ගහලා එළවලා දාන්න ඕනෑ....

:       0       4

Oshini priyankara Monday, 24 January 2022 01:19 PM

නියම වැඩ පිළිවෙලක්

:       1       0

මහජනතාව Monday, 24 January 2022 01:19 PM

මේ රටේ මිනිස්සු මුං ඇට කනව අඩුයි... කරුණාකර පරිප්පු වගා කරන්න උත්සාහා ගනිමු

:       0       2

Renuka perera Monday, 24 January 2022 01:19 PM

අපි දැන් පුන්නක්කු කන එක නතර කරලා මුං ඇට කමු

:       0       3

kamal anuruddha Monday, 24 January 2022 02:18 PM

සෞභාග්‍යයේ දැක්ම .රට රකින අපේ විරුවා .ජය වේවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site