(නිමල කොඩිතුවක්කු)

විදුලිය විසන්ධි කළත් ඉන් ජල සැපයුමට කිසිදු බාධාවක් එල්ල නොවන බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

අඹතලේ සහ බියගම පිහිටි ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය 24 තුළම තුළම අඛණ්ඩව විදුලිය ලබා දෙන වෙනම විදුලි සම්බන්ධතාවයක් ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ කළේය.

කුඩා උප පොළවල් සඳහා ජෙනරේටර් ලබාදී ඇති බවත් ඒවා සඳහා වෙනම ඉන්ධන ගබඩා කර ඇති බවත්  ඔහු කීවේය.

මේ දිනවල පවතින අධික පෑවිල්ල ජල සැපයුමට බාධාවක් නොවුණත් ජල පරිභෝජනය සීඝ්‍රයෙන්  ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.

අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස සියලුම පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවත් අජිත් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.