IMG-LOGO

අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී අල්ලයි

(බී.ජී.චතුරංග)

කොළඹ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග එක්ව අනුරාධපුර නගරය තුළ මත් කුඩු බෙදා හැරියේ යැයි කියන අනුරාධපුර කොට්ඨාස පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු ලක්ෂ හතක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හෙරොයින් මත්කුඩු බෙදා හැරීම සඳහා පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙසේ කාමරයක මෙහෙයුම් මැදිරියක් ලෙස සකසා ඇතැයි ද අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකාර රථවාහන අංශ නිලධාරියා සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්රෑම් 15යි, මිලි ග්රෑම් 200 ක් සහ කුඩු ජාවාරම්කරු සන්තකයේ තිබී, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1 ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරියා මීට පෙර, වසර 7 ක පමණ කාලයක් බම්බලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරි කරමින් සිටියදී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'කුඩු අනුරුද්ධ' නැමති අය හදුනා ගෙන ඇති බවත්, එම ජාවාරම්කරු කේරළ ගංජා සහ මත් පෙති ජාවාරමක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව, වසර එක හමාරක කාලයක් බන්ධනාගාරගතව සිටියදී, මෙම පොලිස් නිලධාරියා ඔහුට උදව් උපකාර කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (2)

අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී අල්ලයි

Senarath Monday, 24 January 2022 02:38 PM

මේ වගේ දුෂිත නිලධාරීන් නිසා තමා අපේ රටෙන් කුඩු තුරන් කරන්න බැරි.

:       0       1

Don perea Monday, 24 January 2022 07:15 PM

කුලියට මිනීත් මරනවා ඇති...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site