
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
පුත්තලම කල්අඩිය 6 කණුව ආසන්නයේදී යතුරු පැදියක් ලොරියක ගැටිමේන් සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව පුත්තලම මුලික රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම සිරම්භිඅඩිය සිංගනාගවිල්ලුව පදිංචි එක්දරු පියකු වු 28 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ සුනිල් ශාන්ත කුමාර නැමති අයකු බව කියයි.
මරණයට පත් වු තැනැත්තා හා තවත් දෙදෙනෙකු එකම යතුරු පැදියක නැගි ඊයේ (23) රාත්‍රී සිරම්භි අඩියේ සිට පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
බරපතල තත්වයේ පසුවු අනෙක් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.
සිද්දිය සම්බන්ධව පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩි දුර පරික්ෂණ පවත්වයි.



මරණයට පත්වු එක්දරු පියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd