IMG-LOGO

සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය

(අංජුල මහික වීරරත්න)

සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන්  අඳුරේ සිටින්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය.

ජනතාව ආණ්ඩුවක් හා මැති ඇමතිවරු පත් කර ගන්නේ තමන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට මිස ඔවුන්ගේ ප්‍රශ්න ඇසීමට නොවන බව කී නියෝජ්‍ය නායකයා වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු විදුලි අර්බුදය විසදන්න යන්නේ ජනතාවට පැය කිහිපයක් විදුලිය නැතුව සිටින්නැයි ඉල්ලා සිටීමෙන් බවද පැවසීය.

මහා මාර්ග දෙපස විදුලි පහන් නිවා දැමීමෙන් ජනතාවට සිදුවන අනතුරුවලට වගකියන්නේ කව්රුන්දැයි විජයවර්ධන මහතා ප්‍රශ්න  කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් නියෝජිත හමුවේදීය. 



අදහස් (5)

සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය

සනත් ඉතාලිය Monday, 24 January 2022 01:37 PM

කලුවර ජයසූරිය කියලා නමක් පටබැඳිලා තිබ්බා මතකයි එක්තරා කාලෙක...

:       1       6

Raveendra Monday, 24 January 2022 02:10 PM

අපි මෙහෙම කියන්නේ අපි පට්ටියේ බලයේ සිටිනවිට හැමදාමත් වෙසක් සිරියෙන් රට ආලෝකමත් කර තිබූ නිසාවෙන්ය. කිසිදා විදුලිය කප්පාදු කිරීමක් අපගේ පාලන සමයේ සිදු නොවුණු බව නේද? මේ "මලකඩ" ජා... වර්ධනය මේ කියන්නේ. ඔව් ඔව් රටේ, මිනිසුන් ඔක්කොම ඉපදුනේ 2020න් පසුවනේ... ඒ නිසා රටේ සියලුම පුරවැසියන්ට මෙයා කියන කරුණු පිළිගන්නම වෙනව‍ා...

:       0       5

SUNIL MILANO Monday, 24 January 2022 02:13 PM

මෙයාලා කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේනේ.. කිසිම දැනුම් දීමක් නැතිව. විදුලිය විසන්ධි කළ හැටි අමතකයි. කාට කියන්නද?

:       0       5

Senarath Monday, 24 January 2022 02:35 PM

ඔයාලාගේ කාලේ විදුලිය කැපුවේ රටේ ප්‍රමාණවත් ඉන්ධන තිබියදී.

:       0       0

ජුණ්ඩප්පුවා Monday, 24 January 2022 07:24 PM

උම්බෑ කියන්නේ නැතුව මෙයාට ඉන්ඩම බෑ නෙවැ. රනිල් ගොයියාට වගේම මස්සිනාටත් ලබලා තියෙන්නේ එකම දසාව. මුන්දැද ඊළඟ අගමැතිකමට කෙළ හලන්නේ. හපෝයි දෙයියනේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site