
(සුජිත් හේවාජුලිගේ )
වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පීඨයේ මහාචාර්ය එච්. එම්. ඒ හේරත් මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන ලෙස පළාතේ දේශපාලඥයන් සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයාට ලිපි යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති දේශපාලඥයන් සිවුදෙනා වන්නේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පශු සම්පත් , ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා කිරි ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සහ වියත්මග සංවිධානයේ කුලියාපිටිය සභාපති නීතිඥ ඒ.එච්.එම් මායාදුන්නේ සෙනෙවිරත්නය.
එම තනතුර ලබා ගැනීම සඳහා මහාචාර්යවරයා තමාගේ සහාය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී ගූ රත්නසේකරව පත් කරලා තියෙන්නේ මහජන සේවයට මිසක් රජයේ පුරප්පාඩු පිරවීමට මානව සම්පත් සෙවීමට නොවේ. මගේ පුද්ගලික අදහස නම් ජනාධිපති මෙය කොටුවේ පොඩිනමට දෙයි කියන එකයි.
අනේ අපොයි විශ්ව විදයාල වලට යන කල .රටේ මෝඩයෝ බිහි කරන තරමටම නූගත් දේශ පාලුවන්ට වැජබිය හැකිය . තියරිය හොඳයි ඉස්සර දේශපාලුවන්ට. හැබැයි දැන් ටික ටික මහජනයා දැනුවත්
රාජ්‍ය සේවයේ පත්කිරීම් උසස් කිරීම් ස්ථාන මාරුකිරීම් ආදියට බලපෑම් කිරීම බරපතළ වරදක් .මෙම පුද්ගලයාද දේශපාලුවො පසුපස ගොස් ඇතිබවත් ඉතා පැහැදිලියි .මම පත්කලොත් තමුන්නැහැලා ආචාර්ය මහාචාර්ය වරු කරනවා කිව්වද අපි දන්නෙ නැහැ කොහොමත් ඔය පැත්තේ පහපාස්ලා ඉන්නවා උන්ට ආචාර්ය තනතුරක් වත් ගන්න මේ ඉල්ලීම ඉටුකල යුතුය
සරසවි වල සාරය ඉතින් හෙන්චයියන්ට භාරය
අපි හිතුවා උගත්තු දේශපාලන සුනකයින්ට යට වෙන්නේ නැහැ කියලා .දැන් බලද්දී සුනකයෝ ඉන්නවා උගත්තු කියාගෙන ජන සමාජයේ..මෙවුන් එක්ක තමයි ඉතින් අපිට රට බේරාගන්න සටන් කරන්න වෙලා තියෙනෙන්.
ගොටු ටික තමා උඩ යන්නේ .වෙන රටවල යුනිවසිටි වලට දේශපාලකයන් ගාව ගන්නේ නැහැ
විශ්ව විද්‍යාලවල කියන්නේ ලොකු පුටුවලට කේලම් කියන ගොටු අල්ලන්නන්ගේ උපත සිදුවූ තැනයි.
ඔය කියන ආචාර්යවරුන්ට ලෝකේ පිළිගත්ත රිසර්ච් ජර්නල්වල කිසිම පරීක්ෂණ පත්‍රිකාවක් පලකරලා නෑ. ලෝකයේ අනිකුත් විශ්ව විද්‍යාලවල පවතින නිර්ණායක වලට අනුව මෙම ආචාර්යවරුන්ට අඩුමතරමේ මහාචාර්ය පදවියක් ලබාගන්නවත් බැහැ. මෙම ආචාර්යවරු රටේ මුදල් කාබාසිනියා කරනවා. ඒ මදිවට නූගත් දේශපාලකයින් පස්සේ යනවා. මෙම මහාචාර්යවරු වර්ෂයටම උගන්වන්නේ පැය 90කටත් අඩු කාලයක්... කිසිම පිළිගත් පරීක්ෂණ පත්‍රිකා නෑ. නමුත් ලක්ෂ 5 කට වඩා වැටුපක් ගන්නවා... තීරු බදු රහිත වාහන ලැබෙනවා.
සර්ට කඩේ ගියොත් ගොඩ තමයි...
මේ තනතුරු දිය යුත්තේ උගත්කම, සුදුසුකම් අනුව මිසක් දේශපාලුවන්ගේ බත් බැලයින්ට නෙවෙයි...
වයඹ විශ්වවිද්‍යාලයේ පමණක් නොවෙයි ශීු ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම ගිය අවුරුදු 20 ක කාලයක සිට පත්වුණු සියලුම උපකුලපතිවරු පත්වෙලා තියෙන්නේ කුමනහෝ දේශපාලකයෙකුට කඩේයෑම නිසා පමණය. දැන් වෙලාතියෙන්නේ මහාචාර්යවරයා ලබාගත්ත ගමේ මරණාධාර සමිතියේ, කුලගන සමිතියේ, ගාමසංවර්ධන සමිතියේ රෙකමන්ඩේශන් එක ලෙටර් එක ලීක් වීම පමණි. වයඹ විශ්වවිද්‍යාලයට දෙවි පිහිටයි!