
(යොහාන් භාසුර)
ජාති, ආගම්, උස්පහත් භේදයක් නොමැතිව සියලු දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. බේදයක් නොමැතිව සියලු දෙනාටම සමානව සළකන නීතියක් සකස් වියයුතු යැයි මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන හිමියෝ පැවසූහ.
අතීතයේදී ශ්‍රී ලංකාව එක නීතියක් ක්‍රියාත්මක වූ රටක්ව වුවද විවිධ ආක්‍රමණත් සමග එය වෙනස් වූ බව කී පරදුව ජිනරතන ස්වාමීන්වහන්සේ මේ තත්ත්වය වෙනස් කර එක රටක, එක නීතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහය අගය කරන බව ද සඳහන් කළහ.
‘එක රටක් එක නීතියක්‘ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය දකුණු පළාතේ අදහස් විමසීමෙ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු අතර එහිදී අදහස් පළ කරමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.
ආගමික නියෝජිතයෝ සහ වතුකම්කරු පිරිස් ද සිය යෝජනා කාර්ය සාධක බලකායට ඉදිරිපත් කළ අතර ඇතැම් පිරිස් ලිඛිත යෝජනා භාර දුන්හ.
නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති කාර්යාලයකින් දී ද දිවයිනේ විවිධ පළාත් වලින් පැමිණි පිරිස් කාර්ය සාධක බලකාය හමුවේ මීට පෙර අදහස් ඉදිරිපත් කළහ. දකුණු එම කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, නීතිඥ සංජය මාරඹේ ,එරන්ද නවරත්න, පානි වෑවලගේ යන මහත්වරු සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනෙවිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග වෙනුවෙන් පාඩම් කරන දරුවන්ට පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථානවල ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව මහා හිරිහැරයකි...
සර් පාස් කරවන්න තියන තවත් තුරුම්බුවක්...
මේ කියන්නේ ඥාණසාර රටක්, ඥාණසාර නීතියක් කියලද? එහෙමත් නැත්නම් සර්ගේ රටක්, සර්ගේ නීතියක් කියන එකද? අනේ දන්නැති හින්දා ඇහුවේ...
නීති ගැන කටයුතු කිරීම සඳහා නිර්දේශ කළයුත්තේ නීති ගැන දැනීමක්, ඉගෙනීමක් හා නීතිය ඉදිරියේ, අධිකරණය හමුවේ නීතිගරුක ලෙස හැසිරෙන්නට හෝ දන්නා අයයි. මේ රටේ අධිකරණයට හා විනිසුරුවරයෙකුට ප්‍රසිද්ධියේ අපහාස කොට සිරබත් කෑ අයෙකු දේශපාලන බලය යොදවා මුදවාගෙන, සිදුකරනු ලබන මේ වැඩවල සැබෑ යථාර්ථය අවබෝධ කරගත නොහැකි වී පවතී...
එක රටක්, එක නීතියක් කටින් තමයි.... කෙරුවාව කෙසේ වෙතත්? රටේ නීතිය කවදත් ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ට ඕනෑවිදියට මිසක් නීති පොතේ හැටියට නෙවෙයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
එතකොට ඡන්දෙට කලින් කිව්වේ මොනවත් නොදැන අපිව අන්දන්න කියලා දැන් පැහැදිලියි...
එක නීතියක් නම්, ඔබ වහන්සේ ඇතුලු යම් පිරිසක් පමණක් නිදහස් කිරීම් සිදුවන්නේ කොහොමද...?
කිසිම ලැජ්ජාවක් නැතුව තමන්ගේ කලිසමේම පහකර ගත්ත ලොකුම පත් කිරීම....
රටේ එක කොට්ඨාශයකට ජීවන වියදම වැඩිවීම නිසා 5000/-ක් ගෙවීමත් බහුතරය වන සෙසු ජනතාවට එය නොගෙවීමත්, එක රටක්, එක නීතියක්ද?
මෙය හරිම වටිනා කාලෝචිත දෙයක්. නමුත් මෙම වාර්තාවේ ඇති 5 වන ඡේදයේ අදහස කුමක්දැයි නොතේරේ... තවද බොදුබල සංවිධානයේ ලිපිනය අපිට දැනගැනීම වැදගත්ය. එය දන්වන්න. ස්තුතියි එක රටක්, එක නීතියක්....
කරුණාකර නිවසක්, ආගමික දේවස්ථානයක් ලෙස සැලකීම තහනම් කරන්න. කොයි ආගමක හෝ අන්තවාදීන් බිහිවීම වැළැක්වීමට නම් ඔවුන් ප්‍රධාන ආගමික ධාරාව විසින් පිළිගන්නේද යන්න සොයා බැලිය යුතුයි. ආගම ව්‍යාපාරයක් කරගත් කොටස් සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍රදේශවල හිරිහැරයක් වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර දමාගෙන ආගම ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කරති. අධ්‍යාපනය අනවශ්‍ය අතර දෙවියන් තමා බලාගන්නවා යැයි කියමින් තරුණ ප්‍රජාව නොමග යවන සමහර පූජකයින් සියළු සුඛ විහරණ තමන්ට පමණක් ලබා ගන්නේ තම මුඛරි භාවයේ පිහිටෙනි...
දකුණේ අදමයෝ රවට්වන්න ලේසි බව දැනගෙන
ජාති, ආගම් බේද නැතුව ජීවත්වෙන්න නම් දෙමළා රටෙන් 2/5 ඉල්ලීම නතරකළ යුතුයි. රටේ පොදු නීතියට අනුව ජීවත් විය යුතුයි. මුසල් මානුවා අර පොත ගිනිතබා පවුලේ ළමයි දෙදෙනාට සීමාවී ජීවත් විය යුතුයි. සිංහලයාට ඔවුන්ගේ බදු සල්ලිවලින් මුසල්මානු පැටව් නඩත්තු කිරීමට බැරිය... වුවමනාවක්ද නැත...