IMG-LOGO

නීලාගේ දේහය බදාදා දිවයිනට

(ඩයනා උදයංගනී)

ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන බදාදා (26) අළුයම මෙරටට රැගෙනඒමට නියමිතය.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිලානෝහි සැන් රෆායල් රෝහලට ඇතුළත් කෙරුණු ඇය ඉකුත් 17 වැනිදා උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

දේහය මෙරටට ගෙන්වීමට අදාළ සියලු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදුකෙරෙන බවත්, ඇගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ‍හෙට (24) දිනයේදී තීරණය කිරීමට නියමිත බව සඳහන් වේ

නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (22) පස්වරුවේ මිලානෝ හි පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබිණි.

ඇයගේ අවසන් ඉල්ලීමක් අනුව දේහය විවෘත නොකර වසා තබා තිබිණි.

මෙහිදී භික්ෂූන් වහන්සේලා සහ කතෝලික පියතුමන්ලා විසින් අවසන් ආගමික වතාවත් ද සිදුකළ අතර නීලා වික්‍රමසිංහ මහත්මියගේ සැමියා වන කපිල හේරත් මහතා ඇතුළු පිරිස විසින් මෙහිදී මතකවස්ත්‍ර පූජාව ද සිදුකරනු ලැබිණි.

 



අදහස් (12)

නීලාගේ දේහය බදාදා දිවයිනට

Don perea Sunday, 23 January 2022 05:28 PM

සර්ගේ කැරට් කාලා වෙච්චි දේ...

:       8       26

BamunuarachchiTuesday, 25 January 2022 11:12 AM

බලාගෙන සර් ගේ කැරට් නොකාවාට දරුණු ඇක්සිඩන්ට් එකක් වෙනන ඉඩ තිබෙනවා කට පරිස්සම්.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 23 January 2022 06:15 PM

රටක නායකයා හරි දේ දකින යුක්තියට හිසනමන කෙනෙක් වියයුතුයි. බොහෝ දියුණු රටවල එසේය. ලංකාවේ අපමණ උගත් විදේශ සේවා නිලධාරීන් ඉන්දැද්දී තමන්ට කඩේ ගියා කියලා රාජකාරියේ කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්ව මෙවන් තනතුරකට පත්කිරීමෙන්ම ලංකාවේ පාලකයාගේ තරම හිතාගන්නට පුළුවන්‍... රටට අවශ්‍ය කලාකාරිනියක් නිරපරාදේ අපට අහිමිවුණා...

:       10       44

සිරිබිරිස් Sunday, 23 January 2022 07:44 PM

තනතුරු පස්සේ දුවන්න ගිහිල්ලා අන්තිමට ජීවිතයත් කලින් ඉවර කර ගත්තා.

:       4       30

jayasekaraMonday, 24 January 2022 09:42 AM

‘‘අහසේ සිටියත්, පොළවේ සිටියත්, ජලයේ සිටියත්, ගුහාවක සැඟවී සිටියත්... මාර බන්ධනයෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකිය...‘‘

:       2       3

BamunuarachchiTuesday, 25 January 2022 11:09 AM

ඕකවත් නොදන්නා මිනිස්සු ඉන්නබව බව තේරුණා නේද?

:       0       0

BamunuarachchiTuesday, 25 January 2022 11:01 AM

නමටම හරියන අදහසක්. මේවගේ අය තමයි මෙරටේ බොහොමයක් ඉන්නේ? එයා තනතුරු පස්සේ නොගියානම් තවම ජීවත් වෙනවාද ගොයියෝ?

:       0       0

BamunuarachchiWednesday, 26 January 2022 10:16 AM

නමටම ගැලපෙන අදහස. ජීවිතය තනතුරු එක්ක සම්බන්දයක් නැහැ. මැරෙන වෙලාවට මැරෙනවා. තනතුරු තිබුනත් නැතත් මැරෙනවා.

:       0       0

hesa Sunday, 23 January 2022 07:45 PM

ඇයගේ අභාවය රටට පාඩුවක්.. ඇයට නිවන් සුවය පතමු! ඒ ඇගේ වෙලාව.. ඒ වගේම ඇය වසර කිහිපයකට පෙර සිට අසනීපයෙන් පසු වුනේ. ඒ වගේම හදිසියේ හෘදයාබාධ ඇතිවෙනවා.. මාලනී බුලත්සිංහල මහත්මියත් 2001 වසරේ, සංගීත වැඩ සටහනකට අමෙරිකාවේ ගිය අවස්ථාවක කිසියම් ආසාත්මිකතාවයක් නිසා මරණය සිදුවූ බව කියැවේ.

:       16       13

Siri Sunday, 23 January 2022 11:11 PM

මේ රජයේ සුදුස්සන්ට සුදුසු තැන නොදීමේ ප්‍රතිපත්තිය නිසා සිදුවූ අකල් මරණයක්. ඇයට මීට වඩා හොඳ රටක නැවත ඉපදීමට ලැබේවා..!!!

:       1       2

BamunuarachchiTuesday, 25 January 2022 11:07 AM

මේත් සිරිබිරිගේ ජාතියේම බඩුවක් මේවගේ අය තමයි මෙරටේ බොහොමයක් ඉන්නේ? සුදුස්සාට සුදුසු තැන ලැබුනානම් නීලා තවම ජීවත් වෙනවාද ගොයියෝ? මොන ආගමේද කියලා හිතා ගන්න බැහැ. ආගම් තුනම ගැන අවබෝධයක් තිබෙනවානම් මෙහෙම කතාවක් කියන්නේ නැහැ.

:       0       0

sharm warn Monday, 24 January 2022 02:45 PM

දේශපාලන ඉත්තෙක් නිවී දක්ෂතාව මත රැඳුනා නම් අදත් ජීවත් වෙන්න ඉඩ තිබුනා . ඔබට නිවන් සුව සොඳුරු කෝකිලාවිය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site