උද්ඝෝෂකයන් 13 අධිකරණයට පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවෙමින් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකළැයි තලංගම පොලිසිය අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 13 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) නියෝග කළාය. 04 May 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී හෙට (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) ප්‍රතික්ෂේප කළාය. 04 May 2022
අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය. 04 May 2022
ලංකා සතොසටත් නව සභාපතිවරයෙක් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ව්‍යාපාර කළමණාකරය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න මහතා අද (4) වැඩ ආරම්භ කළේය. 04 May 2022
කොරවැල්ලේ දී වෙඩි තැබීමක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද සවස යතුරු පැදියකින් ගමන් ගත දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි 04 May 2022
හෙටත් පැය 3 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (5) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය. 04 May 2022
සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 04 May 2022
අගමැති මහින්ද නොයයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 04 May 2022
‘අරගලකරුවන්ට සාධාරණයක් ඉටු කරන්න‘ අරගල කරුවන්ට සාධාරණයක් ඉටුවන ලෙස රාජකාරී කරන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 May 2022
‘‘ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් මුදල් අච්චු ගහලා‘‘ රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 04 May 2022
කොල්ලුපිටිය ඕ.අයි.සී.ට-නීතීපතිට නොතීසි අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති බස්රථ සහ විරෝධතාකරුවන් ඉදිකර ඇති අනවසර කූඩාරම් ඉවත් කරන ලෙසට කළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලබන මැයි මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්තනායක මහතා කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට අද (04) නොතීසි නිකුත් කළේය. 04 May 2022
මහරගම පොලිසිය ඉදිරිපිට විරෝධයක් පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දහතුන් දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 May 2022
‘ඉතිරි වී තිබෙන සංචිත සොච්චමෙන් තෙල් නැවක් වත් ගන්න බෑ‘ වර්තමානයේ රටේ ඉතිරි වී තිබෙන විදේශ සංචිත ටිකෙන් තෙල් නැවක් වත් මිලදී ගන්නට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය. 04 May 2022
‘ජනපති අගමැති ඉවත් වුණොත් එකඟතාවයකට සුදානම්‘ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වුවහොත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය. 04 May 2022
මාතර කළු කඩවල වැඩි මිලට ගෑස් ඕනෑ තරම් වෙළෙඳ පොලේ මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් ගෑස් නොමැති වුවද කලු කඩ වල රුපියල් 10,000 - 12,000ට මිලදී ගැනීමට ගෑස් තිබෙන බව මාතර ගෑස් පාරිභෝගික ජනතාව පවසති. 04 May 2022
රටේ නීතිය තැබිය යුතු තැන කාදිනල් තුමෝ කියති මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළහ. 04 May 2022
ග්‍රාම සේවකවරුත් පෙළපාලියෙන් ගාලුමුවදොරට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙස ,ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්රාමනිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද අද 04 උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි. 04 May 2022
අයවැයේ උවමනා නැති වියදම් කපා ජනතාවට සහන දෙන්න ආණ්ඩුවේ ඉන්නේ කවුද ?යන්නේ කවුදැයි වෙනම කතා කරන අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකතු වී සාකච්ඡා කරමු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 May 2022
අගමැති කාර්යාලයෙන් අනුරට එරෙහිව නඩු මගට ? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි. 04 May 2022
හරි තීන්දු ගත්තොත් සහය දෙනවා ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තොත් සමගි ජනබලවේගය ඒ සමග සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 May 2022
පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ සිටි පිරිසක් අත්අඩංගුවට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 May 2022
කෝටි 12ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 492 ක් සමගින් සැකකරුවෙකු සහ ඩිංගි යාත්‍රාවක් යාපනය සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අද (04) අලුයම් කාලයෙදී අත්අඩංගුවට ගනු ලැබීය. 04 May 2022
කුඩ්ඩා පැන්නැයි එස්.අයි ගෙදර පොලිස් බාරයේ සිටි හෙරොයින් සැකකරුවකු පලා යාමේ සිද්ධියක් හලාවත මුලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය කියයි. 04 May 2022
නියෝජ්‍ය කතානායක ධූරයේ ඡන්ද විමසීම හෙට නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(04) දැනුම් දුන්නේය. 04 May 2022
‘මුදල් ඇමති රටේ සංචිත හෙළිකරයි ‘ වන විට ලංකාවේ ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 May 2022
හොර රන් විකුණන්න ගිය අඹුසැමි යුවළ මාට්ටු නිධානයකින් ලබාගත් දඹරන් බව අඟවා රන් ආලේපිත ලෝහ කැබලි තොගයක් පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකුට රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීමට සූදානම් වූ අඹු සැමියන් එම ව්‍යාජ ලෝහ කැබලි තොගය සමඟ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 04 May 2022
‘ආදායම් බදු වැඩි කරනවා‘ ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 May 2022
සතොසට නව සභාපතිවරයෙක් සතොස නව සභාපතිවරයා ලෙස හිටපු උප සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා පත් කර ඇත. 04 May 2022
ඩොලරය 400 ට ආසන්න වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ඉදිරිපත් කර තිබේ. 04 May 2022
‘හරි ආර්ථික කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක්‘ ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 04 May 2022
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026