(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදු එකතු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ "රමිස්"පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රියවීමෙන් විශාල පාඩුවක් සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාලිමේන්තුවේදී අද (9) පැවසීය.
එම පද්ධතියට වැය කළ වියදමවත් සොයාගෙන නැති බව ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කළ මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් රජයට බදු ආදායම් ගෙන එන බව පවසමින් අලුත් බදු ගෙනවිත් ජනතාව පීඩාවට පත් කරන බවද ප්‍රකාශ කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
COMMENTS