
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය අගයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් තරුණ තරුණියන්ට තම නිර්මාණශීලී නිපුණතා උපයෝගී කරගෙන අනාගතයට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට සිය දායකත්වය ලබාදීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ පිහිටුවීමට සිංහ සමාජයේ සහාය හිමිවීම පිළිබඳව ජනාධිපතිවරයා සතුට පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් (Brian Edward Sheehan) මහතා අතර අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


COMMENTS
2048 වෙනකොට.... එක්කොත් ඕන නැහැ.