(විමුක්ති එස් රුද්‍රිගු)
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල ණය බර සැහැල්ලු කිරීම සඳහා චීනය තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව ලෝක බැංකුව පවසා ඇත.
මෙම සාකච්ඡාව සඳහා චීන රජය නියෝජනය කරමින් චීන අග්‍රාමාත්‍ය ලී ක්චියෑන්ග්, මුදල් අමාත්‍ය ලූ කුන් සහ චීන මහජන බැංකුවේ අධිපති යී ගෑන්ග් යන මහත්වරුන් සහභාගී වී ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර නොවන ණය බර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ලෝක බැංකුව සඳහන් කර තිබේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල ගෙවිය යුතු ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම රටවල සීමාසහිත සම්පත් තවත් සිඳී යන බවත් ඒ හේතුවෙන් ණය වී සිටින රටවලට සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ දේශගුණික ප්‍රමුඛතා සඳහා වියදම් කළ හැකි ප්‍රමාණය අඩු වී ඇති බවත් මැල්පාස් මහතා පවසා ඇත.
ඩේවිඩ් මැල්පාස් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක ප්‍රධානින් සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
COMMENTS
චීනෙන් ගත්ත ණය හොරා කාපු පර බල්ලෝ ගැන එක හිංගල බල්ලෙක් වත් කතා නොකරන එකනේ පුදුමේ... චීන ආණ්ඩුව මේ හොර තක්කඩින්ට අනුකමපා කල යුතු නැහැ. ණය ගෙවා ගැනීමට නොහැකි නම්, ඔවුන්ගේ ව්‍යාපෘති පමණක් නොවෙයි මේ රටම ඔවුන්ට අයිතියි... අපිට, මත්කනේ මේ රටේ උගත් යයි කියා ගන්නා බල්ලෝ රැලක්, චීනයේ කීමට ඇමරිකාවේ MCC ගිවිසුමට විරුද්ධ උනා. ඉතින් අපි දැන් චීන යටත් වැසියන් උනාට ගැටළුවක් නැහැනේ...මට චීන පුරවසිකමක් ලැබෙනවා නම්, මම නම්, චීනෙක් කියන්නේ ආඩම්බරයෙන්!!