(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත්ජාතීන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක් ව,නවීන කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධයෙන් රැඳවියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.  

ඒ අනුව, මහර බන්ධනාගාරය සහ පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය මෙම වැඩසටහන සඳහා තෝරා ගෙන ඇති අතර ඒ යටතේ  කෘෂි කාර්මික ඉඩම් කිහිපයක් තිරසාර ගොවිකටයුතු සඳහා යොදාගෙන ඇත.

හරිතාගාර, සූර්යතාප ජල පොම්ප සහ දිය ඉසින පද්ධති ඇතුළු වාරිපද්ධති, හතු වගාකිරීමේ ඒකක ද සමග තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ පුහුණුව, මහර බන්ධනාගාරය සහ පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටින කෘෂිකාර්මික කටයුතු වල නියුතු රැඳවියන් සහ නිලධාරීන් වෙත ලබාදීම එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සිදුකරනු ලැබ ඇත.