(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 30 කින් පාර්ලිමේන්තුවේ දී අද (9) සංශෝධන සහිතව සම්මත විය.
පනත් කෙටුම්පත් වලට පක්ෂව ඡන්ද 82ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණි.
සමගි ජන බලවේගය පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු පනත් කෙටුම්පත් වලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
COMMENTS
අය වැයට විරුද්ධව ලැබුණු ඡන්ද ටික මෙතනත් තිබුණ නම් මේක පරාද කරන්න තිබුණ . මුං ඔක්කොම එකයි මල්ලි කියන එක හරි.
පක්ෂව ලැබුන ඡන්ද 82 ම රාජපක්ෂලාගේ කටුලෙවකන වුන්ගේ හෝ කටුලෙවකෑමට බලාපොරොත්තු වූවන්ගේ ඡන්දයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට වඩා ක්‍රියාත්මක වත්මන් බදු මත තවත් බදු !!