(නිමන්ති රණසිංහ)

අධිකරණය භාරයේ නඩු භාණ්ඩයක්ව තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අස්ථාන ගත කළේ යැයි මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් තිලානි තේනබන්දු මහත්මිය අද (09) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා වන චන්දන සමරජීව නැමැත්තාය.

සිද්ධිය සම්බන්ධව මෙම සැකකාර රෙජිස්ටාර්වරයා මීට දින හතරකට පෙර වැඩ තහනමකට ලක්ව ඇති බව අධිකරණයේදී කරුණු අනාවරණය විය .