(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) වැඩබලන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතා පත්කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන අල්විස් මහතා එම තනතුරේ තවදුරටත් කටයුතු කරයි.  

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම පත්වීම් කළ අතර ලංගම හිටපු සභාපති කිංස්ලි රණවක මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට ද අමාත්‍යවරයා පසුගියදා කටයුතු කළේය.