(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට මෙට්ට සහ ගෘහ භාණ්ඩ ගෙනැවිත් ඇතැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දොලවත්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිට අගමැතිට මෙන්ම විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ විවේක ගැනීමට ඔවුන්ගේ කාර්යාලය කාමර වල ඇඳක් හාන්සි පුටුවක් ආදිය තිබෙන බව කී දොලවත්ත මහතා ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා දිරාපත් වී ඇතැයි දැනගන්නට ලැබී රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික මුදලින් ඒවා ලබා ගන්නට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.
COMMENTS
දේසපාලුවෝ කවද්ද පව්ද්ගලික මුදලින් වැඩක් කෙරුවේ. පාර්ලිමේන්තුවේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
පුද්ගලික මුදලින් ගෙනවෙ දුප්පත් මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙන්න ද නැතිනම් එයාටම සැප විදින්නද?
අපි අවුරුදු 50ක් මෙයාව නඩත්තු කළබවත් මතක් කරන්න.
අපේ ගෙවල්වල ලී බඩු නම් පරම්පරා දෙකක් තුනක් පාවිච්චි කරනවා ඔයා කියනව තාලෙට දිරාපත් වෙන්නෙ නෑනෙ. මෙයාගේ කාර්යාලේ එව්වා කොහොමද ඔච්චර ඉක්මනට දිරාපත් වුණේ. අනිත් එක මෙට්ටෙ 175000 ක්. ඇඳට ලක්ෂ දෙකකටත් වැඩියි. පෞද්ගලික මුදලින් කියලා මෙච්චර වියදම් කරන්න පුම දානපතියෙක්නේ. ඉතිං කවුද ඒකෙ යහන්ගත වෙන්නේ?
පාර්ලිමේන්තුවේ ඇඳක්? අනේ අම්මපා මෙහෙමත් දේශපාලුවෝ. යකෝ මුන් පාර්ලිමේන්තු එන්නේ බුදියන්නද?
එයාගෙ ආදායම් මාර්ග මොනවද කියනවද. ඔය තරමක් වියදම් කරන්න .
අනේ මෙහෙමත් කඩේ යාමක්
එයා ඒතරම් "පෞද්ගලික" මුදල් සම්භාරයක් හරි හම්බ කලේ කොහොමද කියලත් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද අපේ මහත්තයෝ ? ඔය සුදු හුණු ගෑවිල්ලනම් ඉවරක් වෙන එකක් නෙවේ ඔන්න.
සිරිපාල ලොක්කගේ කාමරේට නම් ඉතින් ඇඳක් ඕනමනේ
කමල් මහත්තයා, රනිල් වික්‍රමසිංහ කියන්නේ 1977 පාර්ලිමේන්තුවට පත්වූ දා සිට අද මේ වන තුරුත් කිසිම දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප, ඇමති වැටුප, අගමැති විපක්ෂ නායක වැටුප හෝ ජනපති වැටුප නොගත් පුද්ගලයෙක්. ඒ වගේම කිසිම දවසක රජයේ තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නොගත් පුද්ගලයෙක්. ඔය ඒවට විරුද්ධයි කියලා මහා ලොකුවට කෑ ගහන රතු මල්ලිලා හැම කෙනාම වගේ ඔය හැම දීමනාවක්ම ලබා ගෙන තියෙනවා. ඒ වගේම 2004 පාර්ලිමේන්තු ආව මන්ත්‍රීවරු 39 දෙනාගේම විශ්‍රාම වැටුපත් තවමත් අරගෙන පක්ෂයේ අරමුදලට බැර කරගන්නවා. නිකන් නොදන්න දේවල් නොකියා ඉන්න දෙයියෝ.
ඔබතුමන් කඩේ යන්න ගත්තද