(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවුල් පනස් හත් ලක්ෂයෙන් තිස් හතර ලක්ෂයක් ජීවත් වීමට උදව් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රටේ පවුල් සංඛ්‍යාවෙන් සියයට 60.28 ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ තොරතුරු අනාවරණය වූයේ බිම් මට්ටමේ සමීක්ෂණයකින් බවද සඳහන් කළේය.
මෙම ජනතාවට සල්ලි නැතැයි පවසමින් නිහඬව සිටීමට නොහැකි බවත් ඒ අය ජීවත් කළ යුතු බවත් සියඹලාපිටිය මහතා කීවේය.
එය රජයේ ප්‍රධාන වගකීමක් බවද හෙතෙම පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් කම කියන්නේ ඕක තමා. 225 මෙතෙක් කරපුවගේ ප්‍රතිඵල තමා.
මේ හදන්නෙ මුන්ගෙ පාක්ශිකයො set එකට සල්ලි බෙදල ඡන්දෙ අරන් ආයෙ එන්න. අපි නොදන්න ආධාර බෙදිල්ල.. මෙහෙට වෙලා threewheel කාරයො සෙට් එකයි, මැරයො සෙට් එකයි, දේසපලුවො සෙට් එකයි එක්ක උබල ඔන මගුලක් කොර ගනිල්ල. අපි ගියා එහෙනන්. උබලට ඉගන ගන්ඩ බැරි උනාට එකට අපි පලි නැ. මහලොකු නිදහස් අද්යාපනය. තොපෙ වගෙම අපෙත් අම්මල තාත්තල ඔකට බදු ගෙවල තියනව. අපි කවුරුත් නිකන් ඉගනෙ ගෙන නැ. අපි ඉගනගෙන මහන්සියෙන් වැටුපක් ලබනවට මෙකෙ ඉන්න නිකම්මු ටික ඉරිසියයි. උන්ට ඔනෙ අපෙන් අරන් නිකන් ඉදල බුදියන්ඩ. ඉතින් තොපි මෙ මගුලටම වෙලා හිටපියව්.