
(නිමන්ති රණසිංහ)
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී මාර්ග නිති කඩකරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර බලපෑම් එල්ල කළැයි කියන සිද්ධියට අදාළ නර්තන ශිල්පියකු සහ සැලුනයක හිමිකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණීය මහත්මිය අද (09) නියෝග කළාය.
සැකකරු මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්ථාවක් කැඳවන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
සැකකරු සිද්ධිය වූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීම සඳහා ඔහුගේ රුධිර සාම්පලයක් ලබාගෙන වාර්තාවක් කැදවීම සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලුණුවිල වත්ත, බටදූව පදිංචි අමේෂ් නුවන්ත නැමැති මහරගම ප්‍රදේශයේ සැලූනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.
COMMENTS
සමාජ මාධ්‍ය තුල සැරිසරන වීඩියෝ තුලින් නම් දුටුවේ මානසික අබාධයකින් පෙලෙන අයෙක් වගේ.
මානසික රෝගයක් නෙවෙයි නම් මේවට නිසි දඬුවම් ලැබිය යුතුයි. පොලිසිය කියන්නෙ රටේ නීතිය. නීතිිය හෑල්ලුවට ගැනීම ඉතා අර්බුද කාරී දෙයක්.
ලොකු ඔලුව දාගෙන, ලොකු ටෝක් දාපු අපතයට දැන් ඉහ මොළ රත්වෙලා ඇති.
සැලුන් ඩයල් එකක්නෙ, ඔය පිටවෙන්නෙ කාගෙහරි රස්නෙ. මේ වගේ ගොබ්බයො පස්සෙන් ගියානං මුන්ට උඩින් ඉන්න අපතයන්වත් අල්ලගන්න පුලුවන්.
අයියෝ මෙයා බාබර් කෙනෙක්ද.
තමන්ගේ වැරදි වැඩක් නම් නීතියට ගරු කරන්න පුරුදු වෙන්න.
බාබර්ලට හැමෝම ඔලුව පහත් කරන හින්දා ඔලුව දාන්න ඇති.
හොඳ වැඩේ. මේ රියෙලිටි ෂෝ වල පිනට නටන උන් හිතන් ඉන්නේ උන් යනකොට හැමෝම අයින්වෙලා පාරේ ඉඩ දෙන්න ඕන කියලා.
අයියෝ මේ සද්දේ දාලා තියෙන්නේ බාබර් කෙනෙක්නේ... සොක්කෙක්නේ ... ලොක්කෙක් කවදාවත් මේ විදිහට හැසිරෙන්නේ නැහැ. ලොක්කෙක් නිතරම ඉන්නේ සොක්කෙක් වගෙයි. ඒ වගේම, සොක්කෙක් නිතරම ඉන්නේ ලොක්කෙක් වගෙයි.
ඔය ඕනෑම අයියා කෙනෙක්ගේ කකුල්, උසාවියේ කූඩුවට නැග්ගාට පස්සේ වෙවුලන්න පටන් ගන්නවා.
අපිට අවශයම නීති මේවා තමයි. ඉන්දුනීසියාවේ රජය මෑතකදී අනුමත කලා වටිනා නීතී දෙකක්. 1. විවාහ නොවුන පිරිමි ගැහැනු දෙපක්ෂයටම ලින්ගික සබදතා පැවැත්වීම තහනම්. 2. සියලුම හමුදා සහ පොලිස් නිලධාරීන් අවමානයට ලක්කිරීම, අපහාස කිරීම, බැන තර්ඡනය කිරීම, පහරදීම, රාජකාරියට බාදා කිරීම, වාචිකව හෝ ලිකිතව කුමන මාධයකින් හෝ සිදුකිරීම බරපතල ඩැඩ සහිත අවුරුදු ඵක හමාරක සිරදඩුවමක් සහ ලකෂ ගානක දඩයක් යන දෙකටම යටත් වීම.