(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකා  ආර්ථිකය ඝාතනය කිරීමට වගකිව යුතු අජිත් නිවාඩ් කබ්රාල් ලියූ පොතට ඝාතකයාගේ ඝාතකයා යනුවෙන් නම් තැබිය යුතු බව ජාතික ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එදා මේ තීන්දු තීරණ ගනිද්දී  අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා  පාර්ලිමේන්තුවේ මොනතරම් මුසාවාද කිව්වා දැයි අැසූ විජිත හේරත් මහතා ආර්ථිකයේ කිසිම ගැටලුවක් නැතැයි ද  බයවෙන්න එපා සල්ලි තියෙනවා යැයි පැවසූ බවද කීය.

අර්බුදය ඇතිවෙලා  ජනතාව කබලෙන් ලිපට වැටුනාට පසු දැන්  ආර්ථික ඝාතනය පිළිබඳ  පොත් ලියන බවද මේක ලෝක විහිළුවක් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.