(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ දකුණ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  පහර දුන් බව කියමින්  පොලිස් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහරකෑමට ලක්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයාගේ හකු ප්‍රදේශය මීට පෙර ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට කර්මයකට ද ලක් කර තිබෙන අයෙක් යැයි පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

වැඩබලන මෙම පොලිස් ස්ථානාධිපතිවරයා මෙම කොස්තාපල්වරයාගේ කට වැරෙන් මිරිකාගෙන සිට පහරදීමක් සිදුකර ඇතැයි ද එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

පහර දීම සිදු කළේ යැයි කියන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට පෙර වෙනත් පොලිස් ස්ථානයක රාජකාරි කරමින් සිටියදී පුද්ගලයකුට පහර දීමක් සිදු කළබව කියමින් කාලයක් වැඩ තහනම් කර සිටි අයෙක් බවද එම උසස් පොලිස් නිලධාරියා කීය