පාන් පිටි 250ට ගන්න මිටි 50 ගන්න ඕනේ ආනයනික තිරිඟු පිටි තොග මිල කිලෝවක් රුපියල් 250 දක්වා අඩු කළ බව ආනයනකරුවන් ප්‍රකාශ කළත් කිලෝව රුපියල් 250 බැගින් ලැබෙන්නේ පිටි මිටි කන්ටේනරයක් මිලට ගත යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 31 October 2022
තානාපතිවරයෙක්-සංස්ථා සභාපතිවරු 5ක් මැතිසබය හමුවට අලුතෙන් නම් කෙරුණු තානාපති වරයෙක් සහ සංස්ථා සභාපතිවරු පස්දෙනෙක් සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටිති. 31 October 2022
මාළු ලොරිය පැහැරගෙන වෙන්නප්පුව උල්හිටියාවේදි තියුණු ආයුධ රැගෙන පැමිණි තිදෙනකු ලක්ෂ 90 ක් පමන වටිනා ශීතාගාර සහිත මාළු ලොරියක් රි පැහැර ගෙන ගොස් ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 31 October 2022
රජරට ගම් අටක දරුවෝ ආහාර අහේනියක පවතින ආර්ථික අහේනිය සහ සීඝ්රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය. 31 October 2022
හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදි අද පෙරවරුවේ පුද්ගලයෙන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කාරයාලය පවසයි. 31 October 2022
අය වැය ගැන ජනතාවට කියන්න කෝටි 10 වැය කරලා අය වැය සහ දෙවසරක මාධ්‍යයේ නිදහස් ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න 2018දී මුදල් අමාත්‍යංශය කෝටි දහයකට ආසන්න මුදල් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 31 October 2022
ගුජරාට් අනතුර ගැන ජනපති සොව පළ කරයි ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි ප්‍රදේශයේ පාලම කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය අනතුර සැල වීමෙන් කම්පනයට සහ කණගාටුවට පත් වූ අතර ඉන්දීය ජනතාවට ජීවිත අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ගැඹුරු ශෝකය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 October 2022
ලූලා යළි බ්‍රසීල ජනපති බ්‍රසීල ජනාධිපතිවරණයේ ඊයේ(30) පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබාගනිමින් ලූලා ද සිල්වා ජයග්‍රහණය කළේය.එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි. 31 October 2022
පහළ වායුගෝලයේ කැළඹිලි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අද (31) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 October 2022
ඉන්දියාවේ පාලමක් කඩා වැටී මිය ගිය ගණන 130 දක්වා ඉහළට ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පිරිස 130 දක්වා වැඩි වී ඇතැයි. ටයිම්ස් ඕෆ් ඉන්දියා වෙබ්වා අඩවිය වාර්තා කරයි. 30 October 2022
දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය. 30 October 2022
දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. 30 October 2022
‘‘රට වැසියන්ගේ හෘද සාක්ෂිය මැරිලා‘‘ ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 30 October 2022
ජයන්ත සමරසේකරගේ ’’ටියුටරියේ මාස්ටර්’’ නවසීලන්තයේදී දොරට වඩී නවසීලන්තයේ පදිංචි ජයන්ත සමරසේකර මහතාගේ ’’ටියුටරියේ මාස්ටර්’’ නම් කෙටිකතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය නවසීලන්තයේ දී සිදු කෙරිණි. 30 October 2022
‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ ‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ. 30 October 2022
තිහගොඩ එස්.අයිගේ පැටිකිරිය සොයයි මාතර තිහගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවාට වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධ වැඩතහනම් කර ඇති උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 30 October 2022
පාන් මිල හෙට අඩුවෙයි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල හෙට (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් මාධ්‍යවලින් පළකරන මිලට පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද (30) පැවසීය. 30 October 2022
ඉන්දියාව සහ ලංකාව එකම කාසියක දෙපැත්ත ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 October 2022
දකුණු අප්‍රිකාවට ලකුණු 134 ක ඉලක්කයක් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 133 ක් ලබාගත්තේය. 30 October 2022
21ට මුවා වෙලා මැකෝ සභාපති ඉවත්කරන්න හදනවා (විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 30 October 2022
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 30 October 2022
පාකිස්තානය පළමු ජය ලබයි නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. 30 October 2022
ඩොලර් හරස්වී ඊ.සී.ටී ඉදිකිරීම් ඉබි ගමනේ කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද ඩොලර් අර්බුදය හේතුවෙන් ගෙවීම් නිසි වේලාවට කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රමාදවී ඇති බව වාර්තා වේ. 30 October 2022
නෙදර්ලන්තය ලකුණු 91 කට සීමා වෙයි නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි. 30 October 2022
ලබන යල කන්නයට නොමිලේ මඩ පොහොර වී වගාවට අවශ්‍ය TSP (මඩ පොහොර) පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් ලබන යල කන්නයේ දී ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය( USAID) එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 30 October 2022
ගම්පහ අත්තනගලු ඔයෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි ගම්පහ නව මිනුවන්ගොඩ මාර්ගයෙහි අත්තනගලු ඔය පාලම අසල තිබී කාන්තා මළ සිරුරක් අද (30) පෙරවරුවේ සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 30 October 2022
’’පාරෙ යාචකයෙකුට වුවත් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න පුළුවන්.’’ පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 30 October 2022
නෙදර්ලන්තය පන්දුවට පහරදීම තෝරාගනී නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වඩ්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 30 October 2022
බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක් බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. 30 October 2022
සෝල් නුවර හලොවීන් සැමරුමෙන් ලාංකිකයෙකුත් මරුට දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේය. 30 October 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026