(සුජිත් හේවාජුලිගේ )
ගාලු උරුමය පදනම ගාලු කොටුවේ සදු මුර අට්ටාලයේ ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ලබාගෙන තිබූ ගාල්ලේ ඓතිහාසික උරුමය සිහිපත් කෙරෙන සිතුවම් 16ක් වසර හයකට වැඩි කාලයක් තිස්සේ එම පදනම් කාර්යාලයේ විනාශ වෙමින් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන්වේ.
වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම චිත්‍ර දහසය ලබාගෙන තිබුණේ එම අට්ටාලයේ පැරැණි ලන්දේසි යුද කාමරයේ ප්‍රදර්ශන ගැලරියේ ප්‍රදර්ශනය කිරීම සඳහාය.
ගාල්ලේ ඓතිහාසික උරුමය පිළිබිඹු කෙරෙන ආකාරයෙන් මෙම ප්‍රදර්ශන ගැලරිය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබිණ බව විගණන නිලධාරීහු පවසති.
මේ අතර ගාලු උරුමය පදනම සඳහා නව වෙබ් අඩවියක් සැකසීම වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂයකට සැපයුම්කරුවකු තෝරාගෙන රුපියල් පන් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතත් එම වෙබ් අඩවිය භාවිත කර නොතිබුණු බව වාර්තාවේ දැක්වේ.
මේ අනුව ප්‍රසම්පාදන වටිනාකම ඉක්මවා රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇති බවද එහි සදහන් වේ.
COMMENTS
දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සිරි... කෙසේ කියම්දෝ... ගාලු සිරී වනම් දෝ...