(එම්.කේ.නන්දසේන)
දෙබරවැව ජනාධිපති කණිෂ්ඨ විද්‍යාලයේ 9 වසරේ සිසුවකුගේ පිටට පාසලේ විදුහල්පතිවරයා වේවැලෙන් පහරදී ඇති බව පවසමින් එම සිසුවා දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇත.
තිස්සමහාරාම මැදවැලෑන පදිංචි අ 14 හැවිරිදි සිසුවකු තමා පාසලේ සිටියදී ළමයින් පිරිසක් රබර් පටිවලින් විදගෙන ඇති බවට චෝදනා නගමින් විදුහල්පතිවරයා වෙිවැලෙන් තමාගේ පිටට පහරදුන් බවත්, එම හේතුවෙන් පිට ඉලිප්පී රිදෙන බවත් තමා එම සිද්ධියට අදාල නැති බවටත්, රෝහල්පොලීසියට ප්‍රකාශයක් දෙමින් ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පති ලීල් චන්ද්‍රකුමාර මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.
"ඕනෑම පාසලක අකීකරු ළමයි කොටසක් සිටිනවා. කිසිම ගුරුවරයකු ළමයකුට අමානුෂික පහරදීම් සිදු කරල අමාරුවෙ වැටෙන්න සූදානම් නෑ. අපි නිතරම උත්සාහ ගන්නේ ළමයි යහමගට ගන්නයි. ඔය පැමිණිල්ල කර ඇති ළමයගෙ අම්මා තාත්තා දෙන්නම නැහැ. මා හොඳට ඔය ළමය පිළිබඳව දන්නවා. මේ ළමයා බඩගිණ්නෙ එන දින බලලා මම කෑම පුද්ගලිකව දීපු අවස්ථා බොහෝමයි. සිදුවීම වූ දිනයේත් පුතේ ඔය ළමයා කෑම කාල නැහැ නේද කියා විමසල උදේ මම කෑම එකක් දුන්නා.
මෙි ළමයාට පැමිණිල්ලක් දාන්න තරම් සිදුවීමක් වුණේ නැහැ. අම්මා තාත්තා නැති වුණත් කවුරු හරි පසුබිමෙන් ඉඳගෙන කරපු පෙලඹවීමක් තමයි මට දැනෙන්නේ. මෙි ළමයගේ ගොඩක් විනය විරෝධී වැඩ තිබෙනවා. ඒවා විනය පොතේ සටහන් තබලා තියෙනවා. එසේ වුවත් අපි බලන්නේ ළමයා ඉවත් නොකර ගොඩ ගන්නටයි. මේ ළමයා පමණක් නොවෙයි ළමයි හතර දෙනකු පීරියඩ් එකක් කට් කරල පනින්න උත්සාහ කරද්දී තමයි අල්ලගෙන සුළු දඬුවමක් දුන්නා. පැමිණිලි කරපු ළමයට වේවැලෙන් පාරවල් දෙකක් ගැසුවා. මගේ හොඳම යාළුවෝ දෙදෙනකුගේ ළමයි දෙන්නකුටත් වේවැල් පහරවල් 4 බැගින් ගහලා තියෙනවා. ඒ ළමයින්ගේ පියවරු ඇවිල්ලා මට ස්තුති කරා අපිත් දඬුවම් දෙනවා කියලා කිව්වා.
COMMENTS
ගරු විදුහල්පතිතුමනි ඔබ තුමාගේ ක්‍රියා පිළිවෙත ප්ර්ශන්සනීයි.
අපිට ගහලා හැදුවේ නැත්නම් අපිත් කොහේ නතරවෙයිද දන්නේ නැහැ.
ගුරු වරයෙකුගෙන් අවවාදයක් ලබන්ට තරම් ගුණයක් නැති තරමටම සමාජය පිරිහෙලා මේ පොඩි ඇට්ටරයන්ට කිසි ඉවසීමක් නැ ගුණයකූත් නෑ
මෙවැනි දරුවන් වැඩිවියට පත්වී රටේ සිරගෙවල් පුරවන්න ඇත. එකල අප දෙමාපියන් අපව පාසලට භාරදෙන විට මුල්ගුරු තුමාගෙන් ඉල්ලා සිටින්නේ "සර් මූට හොඳට ගහලා හදලා දෙන්න " කියායි. අප අද සමාජයේ සිටින තැනට පත්වූයේ එම ඉල්ලීම නිසාම බැව් මගේ හැඟීමයි.
මේ කාගේ හරි උසිගැන්වීමකට කරපු පැමිණිල්ලක්. විදුහල්පති තුමාට අපගේ ගෞරව ප්‍රණාමය.
මොනවා වුණත් දරුවන්ට වදහිංසා, දඬුවම් කරපු කාලේ ඉවරයි. ගුරුවර, ගුරුවරියන් දරුවන්ව හොඳ මිතුරන් ලෙස සලකලා, දරුවන්ට ලංවෙලා ඉතාමත් ආදරයෙන්, කරුණාවෙන් සැලකිය යුතු කාලයක්...
හැබැයි විදුහල්පති ඒ ළමයාට තමන් කන්න දීපුවා මතක් කරලා... ඒ කියන්නේ උදව්වක් කළොත් ඕනෑම දෙයක් ඉවසන්න ඕනෑ කියන එකයි.
නීතියෙ තියෙන්නේ ශාරීරික වේදනාවට පත්වන දඬුවම් දීම නීතියට පටහැනියි. විදුහල්පති වරයා නීතියට පටහැනිව ක්‍රියා කරලයි තියෙන්නේ. කන පැලෙන්න ගහලා ළමයා හරිමගට ගැනීමට සත් භාවයෙන් කළ දඬුවමක් කිව්වාට හරියන්නේ නැහැ. අන්තිමට ගැහිල්ලේ සීමාව කොතැනද කියලා කාටවත් කියන්න පුළුවන්ද? ළමයකු අන්‍යයන් අතර ලැජ්ජාවට පත්වන දඬුවම් පැමිණවීම් පවා නීති විරෝධියි...
ගහලා, බැනලා, දණගස්සලා ගුටිකාපු අය හදපු රට තමයි මේ තියෙන්නේ..., කොච්චර සාර්ථකද කියනවා නම්.. වඩේ කාරයෝ, කසිප්පු කාරයෝ රට හදන්න පාර්ලිමේන්තු යවන්න ඡන්දත් දෙන තරමට පුරවැසියන් බුද්ධිමත්...
ගුරුතරුව වේදිකා නාට්‍ය බලන්න. මේ ගුරුවරයා දැන් ගැලවීමට කන්න දුන්නා කියලත් කියනවා. විදුහල්පතිවරු පොලිසියටත් එහෙ ගිහින් වැඩ කරන්නේ ඇතැම් අවස්ථාවල. ඇඹිලිපිටිය සිද්ධිය මතකනේ. සුළු දඬුවමකට ළමයි 12 ක් 13ක් මරන්න දුන්නේ...
රබර් පටි වලින් කඩදාසි ගුලිදාලා විදලා ඇස් අන්ධ වූ ළමයි ඉන්නවා සර්... දැන් ගුරුවෘත්තිය කරන්න බැහැ. ගැටලු වැඩියි... කරන අයයි එය දන්නේ...
පැත්තක ඉඳලා මහා පඬි ටෝක් දෙන්න පුළුවන්... නමුත් ප්‍රායෝගිකව ළමයි එක්ක කටයුතු කරලා බලන්න ඕනේ. කොච්චර අමාරුද ළමයි පාලනය කිරීම කියලා...
අදටත් අපිට දඬුවම් දීලා යහමග පෙන්නපු ගුරුවරුන්ට මං පින් දෙනවා. එසේ නොවන්නට අපිත් අයාලේ යන්න ඉඩ තිබුණා. මේ සිසුවා අනාගත කුඩ්ඩෙක් පාතාලයෙක් වීමේ ලක්ෂණ දැන් ඉඳලාම පෙන්වනවා. කවුරුහරි පිටුපස සිට, ඔහුව මෙහෙයවන එකනං ශුවර්. ගමේ අය, විමසීමෙන් සිටිය යුතු කරුණක්...
රංජිත් අතුකෝරළ මහතාගේ අදහස නිවැරදි වුණත් එයට ලැබුණු කැමැත්ත අකැමැත්ත හරියටම 2019 ජනාධිපතිවරණය වෙලාවේ ප්‍රතිඵලය වගෙයි... අන්ලයික් වලින් තේරුණු ජනාධිපති හා ලයික් වලින් නොතේරුණු පිරිස පේනවා. රංජිත් මහතාට අමතරව මහේෂ් නිලාමුදීන් හා මෝ නිවැරැදි අදහස් ඉදිරිපත් කරලා තියෙනවා..