(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව තබ්බෝව තාවකාලික යකඩ පාලම මතදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඊයේ රාත්‍රී කොළඹ සිට නොච්චියාගම බලා ගමන් කරමින් තිබු වෑන් රථයක් හා යාපනය සිට කොළඹ බලා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි බස් රථයක  මුහුණට මුහුණ ගැටිමෙන් බව පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය මහ වැසිත් සමග ගිලා බැස තිබු මේ වන විට තාවකාලිකව ඉදිකල යකඩ පාලම මතදි බවත් මෙය පාලම  තබ්බෝව ජලාශය මැදින් වු පුත්තලම අනුරාධපුර මාර්ගයෙ තබ්බෝව ජලාශය මැදින් වු මාර්ගය බවද කියයි.

අනතුරීන් තුවාල ලැබුවන් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු  බව පොලීසිය කියයි.